ක්ෂීරපායීන්

ක්ෂීරපායී විශේෂ

උද්‍යානය තුළ ජීවත්වන ක්ෂීරපායීන්, සංචරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා ප්‍රධානතම අංගයක් වී ඇත. මෙරටට ආවේණික ක්ෂීරපායී විශේෂ 4ක් ඇතුළුව විශේෂ 41ක් උද්‍යනෙයන් හමු වේ. (රිළවා, කළු වඳුරා, ශ්‍රී ලංකා රන් කලවැද්දා, සහ මීමින්නා ඒ අතර වේ). තිත්මුවන්, ඕලු මුවන්, ගෝනුන්, කුළුමීමන්, සිවලුන්, ඉත්තෑවුන්, වල්ඌරන් සහ විවෘත තණබිම්වල වේගයෙන් පැන දුවන හාවුන් ඔබට දිවා කාලයේ දැකිය හැකිය.

තමන්ගේ ගොදුරු සොයමින් විමසිලිමත්ව ගමන් කරන නිශාචර ක්ෂීරපායී විශේෂයක් වූ උණහපුළුවන් ද වේගෙයන් ගමන් කරන කුඩා මාංශ භක්ෂක ක්ෂීරපායින් වන වල් බළලුන්, කොළ දිවියන්, හඳුන් දිවියන්, උරුලෑවන්, සහ මුගටියන් වැනි විශේෂ දැකගැනීමට තියුණු ඇසක් ඔබ සතු විය යුතුය. තවද හිමිදිරියේ හා ගොම්මන් යාමයේදී ද මොවුන් නිතර හමු වේ.

 

sri lankan sloth bear

වර්ණවත් වවුල් විශේෂයක් වන විසිතුරු කෙහෙල්වවුලන් (Kerivoula picta) පොම්පරිප්පු විල්ලු පරිසර පද්ධතියෙන් වාර්තා වී ඇති අතර උද්‍යාන පරිශ්‍රයේ අතහැර දමා ඇති ගොඩනැගිලිවල කෘමි භක්ෂක වවුලන් දක්නට ලැබේ.

හුදකලාව සිටින වලසුන් මෙන්ම තම පැටවුන්ට ආහාර ලෙස පල වැල හා වේයන් සොයමින් ගමන් කරන වලසුන් ද ඕලු මුවන්, අලි රංචු සහ කොටියන් වැනි විශාල ක්ෂීරපායින් ද දිවාකාලයේ දී දැකගත හැකිය.

උද්‍යනෙය් වෙසෙන ක්ෂීරපායී සතුන් අතරින් පළමු පෙළ නියෝජනය

උද්‍යානයේ ප්‍රමුඛ ක්ෂීරපායී විශේෂ 5 ගැන තවදුරටත්

උද්‍යානයේ වෙසෙන ක්ෂීරපායී සතුන්
අතරින් පළමු පෙළ නියෝජනය

උද්‍යානයේ ප්‍රමුඛ ක්ෂීරපායී විශේෂ 5 ගැන තවදුරටත්

sri-lankan-elephant at wilpattu

ශ්‍රී ලංකා අලියා

(Elephas maximus maximus)

ආසියානු අලින්ගේ උප විශේෂ තුනෙන් එක් උප විශේෂයක් මෙරට වාසය කරන අලියා නියෝජනය කරන අතර එම උප විශේෂය මෙරටට ආවේණික වේ. මොවුන් උද්‍යානය පුරාම දැකිය හැකි වුවත් විශේෂයෙන්ම බටහිර ප්‍රදේශයේ තෘණ බිම් ආශ්‍රිතව (උදාහරණයක් ලෙස පොම්පරිප්පු සහ මයිලවිල්ලු ආදී ප්‍රදේශයන්) හා උතුරු ප්‍රදේශයේ සුලබව හමුවේ.

විශාල අලි රංචු, 50 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර ඇතුන් උද්‍යාන මායිමෙන් ඔබ්බට ගමන් කිරීම සඳහා මායිම අසළ ගැව‍සේ. නමුත් තනි අලින් හැරුණු විට මෙම රංචු මධ්‍යම ප්‍රදේශයේ පිහිටි විල්ලු හා වැව්වල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. අලින් නිසැගයෙන්ම කණ්ඩයම් වශෙයන් ජීවත්වන සමාජශීලී සතුන් වේ. මෙම කණ්ඩයම් ගැහැණු සතුන් හා පැටවුන්ගෙන් සමන්විත වන අතර වැඩිහිටි ගැහැණු සතෙකු එයට නායකත්වය ලබා දෙයි. අලින් අතිශයින්ම බුද්ධිමත් සතුන් වන අතර ඔවුන්ගේ මතකය වසර ගණනාවක් දක්වා රඳවාගන්නට සමත්‍ වේ.

Sri Lankan leopard, Panthera pardus kotiya

ශ්‍රී ලංකා දිවියා

(Panthera pardus kotiya)

විල්පත්තු ජාතික උද්‍යනය කොටීන් නැරඹීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. කොටියා ශ්‍රී ලංකාවේ වාසය කරන බළල් පවුලට අයත් විශාලතම සත්වයා වේ. මොවුන්  හිමිදිරියේ හා ගොම්මන් යාමෙයේ කිසිදු බිය සැකයකින් තොරව ගොදුරු සොයා වනාන්තර මායිමේ විමසිලිමත්ව ඇවිදින ආකාරය ද විල්ලු පරිසර පද්ධති හා වැව් ආශ්‍රිත අව්ව තපින ආකාරය ද තුරු සෙවණේ වැතිරී සිටින ආකාරය ද පහසුවෙන් නැරඹිය  හැකිය. මෙරට  වෙසෙන කොටියා ලොව වෙසන විශාල කොටි උප විශේෂ අතරින් එක් උප විශේෂයකි. වැඩුණු පිරිමි සෙතකු ගැහැණු සතෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල වේ.

sri-lankan-wild-sloth-bear

ශ්‍රී ලංකා මන්ද වලසා

(Melursus ursinus inornatus)

ශ්‍රී ලංකාවේ වලසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවත්වන බිමක් ලෙස විල්පත්තු ජාතික උද්‍යානය හඳුනාගෙන ඇති අතර, ගොම්මන් යාමයේදී ඔවුන් වඩාත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
වලසුන් සර්වභක්‍ෂකයන් වන අතර ඔවුන් ප්‍රධන වශයෙන් වේයන් හා පලතුරු මත යැපෙයි. උද්‍යානයේ ඇති ශාක විශේෂ සමඟ පවතින පාරිසරික සම්බන්ධතාවය මින් නිරූපණය වේ.

purple-faced-leaf-langur

කළු වඳුරා

(Semnopithecus vetulus)

ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් වන කළු වඳුරා, රිළවා සහ ඇලි වඳුරා මෙන් උද්‍යානය පුරා ව්‍යාප්ත වී නොමැත. මොවුන් ආහාර ලෙස පළතුරු හා ගස්වල පත්‍රවර්ග සොයමින් ගංඟාධාර වනන්තරවල සැරිසරනු දැක ගත හැකිය. ශරීරය සහ බාහු වසා ගත් දුඹුරු පැහැයට හුරු කළු පැහැති ලෝම, මුහුණෙහි පැහැදිළිව හඳුනාගත හැකි සුදු පැහැති ලෝම හා දම් පැහැයක පෙනෙන අළු පැහැති මුහුණ නිසා ද පහසුවෙන් හඳුනා ගත හැකිය.

grey slender loris

උණහපුළුවා

(Loris lydekkerianus)

උණහපුළුවා නිශාචර සත්වෙයකි. ඌ සෙමෙන් ගමන් කරන අතර පියවි ඇසින් දැකීම ඉතා දුර්ලභය. අඳුර වැටුණු පසු උගේ ආහාර ලෙස ඵලවැල, කෘමීන් හා කුඩා අපෘෂ්ඨවංශී සතුන් සොයමින් ප්‍රවේශමෙන් ගමන් කරයි. මෙම සතුන් රුක්වාසී සතුන්ය. එනම් ඔවුන් ගස්වල වාසය කරයි. විශාල ඇස් සහ හදවතක හැඩය ගත් මුහුණ නිසා පහසුවෙන් හඳුනාගත හැකිය.

ඔබ දන්නවා ද?

deer in wilpattu
Shopping Basket
WNP

FREE
VIEW