පක්ෂීන්

හැඳින්වීම

විවිධ ශරීර ප්‍රමාණයන්ගන් සහ විවිධ වු වර්ණ සංකලනයන්ගෙන් යුත් පක්ෂී විශේෂ උද්‍යානය තුළදී දැකගත හැකිය. ඔබ උද්‍යානයට පිවිසන විට දෙනෙතියක් (Binocular) රැගෙන පැමිණියහොත් ස්වාභාවික වාසස්ථානවල සිටින පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි වන අතර, එවිට උද්‍යානය තුළදී උපරිම අත්දැකීමක් විඳීමට හැකිවනු ඇත.

අළු කෑඳැත්තා, ශ්‍රී ලංකා බොරග පිරිදෙමලිච්චා, මල් කොට්ටෝරුවා සහ ශ්‍රී ලංකා වළිකුකුළා වැනි ආවේණික විශේෂ කිහිපයක් ඇතුළුව පක්ෂි විශේෂ 149ක් උද්‍යානය තුළදී පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. බොහෝ වසරවල මරදන්මඩුව වැවෙහි ලතුවැකියන් විශාල රංචු වශයෙන් සිටිනු දැකීම සුලභ දසුනකි.

දුර්ලභ පක්ෂී විශේෂයක් වන ලෝහවනිච්චා (Malabar Trogon) මෑතකාලයේ දී වියළි කලාපයෙන් වාර්තා වූ එකම ස්ථානය ද විල්පත්තු ජාතික උද්‍යානය වේ. එය මෝසම් වනාන්තරවල ගුණාත්මකභාවය විදහා පෙන්වන දර්ශකයකි.

sri-lanka-crested-serpent-eagle

සෑම වසරකම සැප්තැම්බර් මාසයේ සිට එළඹෙන වසරේ අප්‍රේල් මාසය දක්වා, යුරෝපය, බටහිර ආසියාව සහ ඉන්දියාවේ සිට සංක්‍රමණික පක්ෂීන් ශීත ඍතුව මගහැරීම සඳහා නිවර්තන කාලගුණිය තත්වයක් සහිත  ශ්‍රී ලංකාවට පැමිණයි. මෙම කාලයේ දී කුරුල්ලන් රංචු වශයෙන් විල්ලු පරිසර පද්ධති වටා ද වැව්වල ද  කලාඔය මෝය අසල ඇති මඩතට්ටුවල ද  දැකගත හැකිය. උතුරු උල්පෙඳසේරුවා, ගාගනිසේරුවා, හීන්වැලිඔලෙවියා, කළු-පෙඳගොහුදුවිත්තා, වගුරුසිලිබිල්ලා, සහ මුහුදුලිහිණියන් මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

විල්පත්තු ජාතික උද්‍යානයේ සිටින කුරුල්ලෝ

විල්පත්තු ජාතික උද්‍යානය එහි  වෙසෙන විවිධාකාර වූ විශේෂ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙයි. 

ප්‍රමුඛ කුරුළු විශේෂ  5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

විල්පත්තු ජාතික උද්‍යානයේ සිටින කුරුල්ලෝ

විල්පත්තු ජාතික උද්‍යානය එහි  වෙසෙන විවිධාකාර වූ විශේෂ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙයි. 

ප්‍රමුඛ කුරුළු විශේෂ  5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

Sri-Lanka-Jungle-fowl

ශ්‍රී ලංකා වළි කුකුළා

(Gallus lafayetti)

වළිකුකුළා, ලංකාවේ සුලබව හමුවන ආවේණික පක්ෂියකු වන අතර මෙරට ජාතික පක්ෂියා ද වේ. අනෙකුත් රටවල හමුවන වළිකුකුළන් මෙන්ම ශ්‍රී ලංකා වළිකුකුළාගේ ගැහැණු හා පිරිමි සතුන් රූපකායෙන් බොහෝ වෙනස් වේ. පිරිමි සත්ත්වයා ගැහැණු සත්ත්වයාට වඩා ප්‍රමාණයන් විශාල වන අතර, දීප්තිමත් වර්ණයෙන් යුත් පිහාටුවලින් ශරීරය ආවරණය වී ඇත.

විශාල තැල්ල හා කරමලය ද කරමලය මැද පිහිටි කහ පැහැති ලපය ද පිරිමි සත්වයාට ලාක්ෂණික වේ. ගැහැණු සතුන් වඩාත් කැපී නොපෙනන සුදු පැහැති ලාක්ෂණික ලප සහිත දුඹුරු පැහැතී පිහාටුවලින් ශරීරය ආවරණය වී ඇත. මේ නිසා බිත්තර රකින සමයේදී කිරිල්ලියත් කැදැල්ලත්, අවට පරිසරයත් එකම පැහැයක් ගන්නා නිසා විලෝපිකයින්ගෙන් සැඟවී සිටීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

Malaba-Pied-Hornbill

පෝරු-කෑඳැත්තා

(Anthracoceros coronatus)

වියළි කලාපීය වනාන්තර ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් හමුවන පෝරු-කෑඳැත්තා දේශීය පක්ෂියෙකි. එමෙන්ම මෙම පක්ෂීන් රූපකායෙන් අනෙකුත් පක්ෂින්ට යම් වෙනස්කමක් දක්වයි. එනම් ඔවුනට උසුළු විසුළු පෙනුමක් එක් කරමින් හොටෙහි උඩු පැත්තේ ඇති අස්ථිමය ව්‍යුහයක් තිබේ. මෙය ගැහැණු හා පිරිමි සතුන්ට පොදු ව්‍යුහයකි. තවද ඔවුන්ගේ හිස් කබල සැහැල්ලු හා කුහර සහිත අස්ථිවලින් සමන්විත වීම නිසා ඔවුන් විසින් නිකුත් කරන හඬ අනුනාද වීමකට ලක්වේ. එම නිසා ඝන වනාන්තරය සිසාරා නිහැඬියාව බිදමින් ඔවුන්ගේ හඬ ගමන් කරයි.

අනෙකුත් කෑඳැති විශේෂ මෙන්ම අභිජනන සමෙය්දී තරමක් දුරට අසාමාන්‍ය හැසිරීමක් නිරූණය කරයි. එනම් ඔවුන්ගේ කැදැල්ල ගස් බෙනයක සාදයි. එහි කිරිල්ලිය බිත්තර රැකීමේ නිරත වෙයි. කුරුල්ලා විසින් කිරිල්ලියට ආහාර සැපයිය හැකි වන පරිදි කුඩා සිදුරක් පමණක් ඉතිරි කර බෙනයේ කට එනම් බෙනයේ විවෘත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමයි. බිජු රකින කිරිල්ලිය කුරුල්ලා රැගෙන එන ආහාර මත සම්පුර්ණයෙන්ම යැපෙයි. සවස් කාලයේ වැලි ස්නානය කරමින් සිටින පෝරු කෑඳැත්තන් ඇතැම්විට ඔබට උද්‍යානය තුළ දී දැකිය හැකිය.

lesser adjutant

හීන් බහුරූ මානාවා

(Leptoptilos javanicus)

හීන් බහුරූ මානාවා විරල දේශීය පක්ෂියෙකු වන අතර වියළි කලාපයට සීමා වී ඇත. රත් පැහැයට හුරු පිහාටු රහිත නග්න හිස සහ කහ පැහැති දිග බෙල්ල නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. නිහඬ පිළිවෙතක් අනුමනය කරන පක්ෂි විශේෂයකි. බහුරූ මානාවන් මසුන්, ගෙම්බන් සහ විශාල අපෘෂ්ඨවංශීන් වැනි ගොදුරු සොයමින් විල්ලු සහ වැව්ව ටා ඇවිදිනු නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාලතම ජලාශ්‍රිත පක්ෂි‍යෙකු වන හීන් බහුරූමානාවා වනාන්තර එළිපෙහළි කිරීම නිසා දේශීය හා ගෝලීය වශෙයන් වඳවීම් තර්ජනයට ලක් වී ඇති පක්ෂියෙකි. සැබැවින්ම උද්‍යානය තුළ දී ඔබට හීන් බහුරූ මානාවකු දැකිමට ලැබීම අනපේක්ෂිත වාසියක් වනු ඇත.

Crested-Serpent-Eagle

සිළු සරපකුස්සා

(Spilornis cheela spilogaster)

සිළුසරපකුස්සා උද්‍යානයේ ඝන වනාන්තරවල සුලබව දක්නට ලැබන විලෝපික පක්ෂී විශේෂයක් වේ. සුවිශේෂී පියාසරණ රටාවක් මෙම පක්ෂියාට ඇත. ඌ බොහෝ විට උද්‍යානයේ මාවත් ඔස්සේ ගමන් කරන වාහන හා එක්ව ටික දුරක් පියාසර කරන බැවින් සංචාරකයින්ට මෙම අපුර්වත්වය දැක ගැනීමේ අවස්ථාව ලැබී ඇත. මෙම පක්ෂියා හඳුන්වන නම අනුව ප්‍රධාන වශයෙන් සර්පයන් මත යැපෙන බව අනුමාන කළ හැකි වුවත් අනෙකුත් උරග සතුන් මෙන්ම ‍ගෙම්බන් ද ආහාරයට ගනියි. මෙම විශේෂය ආසියාවේ නිවර්තන රටවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත.

Woolly-necked Stork

පාදිලි මානාවා

(Ciconia episcopus)

පාදිලි මානාවා යනු ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක් වූ උද්‍යානයේ දී ඔබට හමුවන තවත් පක්ෂී විශේෂයකි. ඔවුන් හුදකලාව තනි තනිව හෝ ලතුවැකියන් සහ කොකුන් වැනි අනෙකුත් ජලාශ්‍රිත පක්ෂීන් සමඟ සිටිනු දැකිය හැකිය. හිස සහ ශරීරය වසාගත් කළු පැහැති පිහාටු ද සුදු පැහැති දිග බෙල්ල ද නිසා තෙත්බිම්වල දී මෙම පක්ෂියා කැපී පෙනෙයි.

මෙම විශේෂය බොහෝ ආසියානු රටවල දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ සිටින ගහණය වියළි කලාපයට පමණක් සීමා වී ඇත. ගෙම්බන්, කටුස්සන්, සහ විශාල කෘමීන් ගොදුරු කර ගැනීමට සොයමින් උන් සෙමෙන් සෙමෙන් ඇවිද යති

ඔබ දන්නවා ද?

birds in wilpattu
Shopping Basket
WNP

FREE
VIEW