පුරාවිද්‍යාව

හැඳින්වීම

විල්පත්තු ජාතික උද්‍යානෙයහි  ඝන වනාන්තරය තුළ ශ්‍රී ලංකාවේ  සංස්කෘතික උරුමය සහ ස්වර්ණමය යුගයකට  හිමිකම් කියන  අතීත ශිෂ්ඨාචාරය මිහිදන්ව ඇත. ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන හැට අටක් (68) උද්‍යානය පුරා විසිරී ඇති බවට වාර්තා වේ.  මෙම ස්ථාන  ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවන රටාවන් ද    සිංහල ජාතියේ ආරම්භය  හා ඊට අදාළ ශිෂ්ටාචාරයත් මෑත කාලයේ යටත් විජිත යුගය අදාළ දේත්, ඇතුලත්ව විවිධ කාල වකවානුවලට අයත් තොරතුරු  අනාවරණය කරන සාක්ෂි බවට පත් වී ඇත.

මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන  ප්‍රධාන  කොටස් හතරකට වර්ග කර ඇත.  එනම්

මයෝසීන යුගයට අයත් පොසිල සහිත ප්‍රෙද්ශය , පේලියොලිතික හා මෙසොලිතික  යන ප්‍රාග්ඓතිහාසික යුගවලට අයත් ප්‍රදේශ ද, මුල ඉතිහසය (පූර්ව-ඓතිහාසික) හා මහාශිලායුගය හා ආශ්‍රම  ආශ්‍රිත නටබුන් සහිත ප්‍රදේශ , වාරිමාර්ග හා කෘෂිකාර්මික ප්‍රදේශ  ලෙස ඒවා වෙන් කර දක්වා ඇත.

විල්පත්තුවේ පුරාවිද්‍යාව

විල්පත්තු ජාතික වනෝද්‍යානය අපගේ උරුමය දරා සිටියි.

උද්‍යානයේ වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථාන 5 පිළිබඳ වැඩි විස්තර මෙසේ යි.

විල්පත්තු ජාතික උද්‍යානයේ ඇති
පුරාවිද්‍යාත්මක වටිනාකම

විල්පත්තු ජාතික උද්‍යානය , එහි  වෙසන විවිධාකර වු විශේෂ සඳහා වාසස්ථාන සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ පුරා විද්‍යා ස්ථාන  පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

Kuda Vilacchiya tank

කුඩා විලච්චිය වැව

කුඩා විලච්චිය යනු විල්පත්තු ජාතික උද්‍යානය තුළ පිහිටි නටබුන් වී ගිය හුදකලා වු  ජලාශයකි.   එය ක්‍රි.ව. 67-111 අතර කාල වකවානුවේ දී   වසභ රජු විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කරයි. දශක ගණනක් අතහැර දමා තිබුණත් විනාශ නොවී පවතින්නේ  හොඳින් පුරුද්දා අසුරන ලද හිරිගල් නිසාය.  මෙය  එකල පැවති වාරි  ඉංජිනේරු තාක්ෂණෙය් විශිෂ්ටත්වය විදහා දක්වයි.

පොම්පරිප්පු සුසාන භූමිය

(භෂ්මාවෙශ්ෂ තැන්පත් කළ ස්ථානය)

මෙම ස්ථානය විල්පත්තු ජාතික උද්‍යානයේ   කලාප අංක පහ තුළ, පැරණි මන්නාරම-පුත්තලම මාර්ගයේ 21   වන සැතැපුම් කණුව අසල පිහිටා ඇත. මෙම ස්ථානය දැරණියගල (1957, 1958) සහ බෙග්ලි (1981) යන ප්‍රවීණ ඉතිහාසඥයන්ගේ ගවේෂණය ලක් වී අතර 1971 දී මේ පිළිබඳව දීර්ඝ අධ්‍යනයක්  මහාචාර්ය විමලා බෙග්ලි විසින් සිදු කරන ලදී.

ඒ අනුව ස්ථාන 14ක  සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද  ඇටසැකිලි  පුද්ගලයින් 23 දෙනෙකුගේ  බවට අනාවරණය කර ගන්නා ලදී.  මෙවැනි  ස්ථාන හමුවීම තුළින් එකල මෙම ප්‍රදේශ ආශ්‍රිතව විසිරුණු විශාල ජනහණයක් වාසයකළ බවටත් ඔවුන්ගේ වාසස්ථානවල නටබුන් මෙම  සුසාන භුමිවලට ආසන්නව  පැවතිය හැකි බවටත් විශ්වාස කරයි. එම          ජනාවාස පිහිටියේ බොහෝ දුරට නැගෙහිර දෙසට වන්නට එනම් ගල්ගේ විහාර සංකීර්ණය දෙසට වන්නට විය හැකිය.

ඔච්චාප්පුකල්ලු

ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස සලකයි. මෙහි ගල් කටාරම්, නිධන් හොරුන් විසින් විනාශ කරන ලද ස්ථූපයක නටබුන් , ගොඩනැගිලිවල ශෛලමය පාදම්, සඳකඩ පහන්, කොරවක් ගල්   සහ  මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමට යොදා ගන්නා  ලද  තැන් තැන්වල විසිරුණු ගල් කුළුණුවලින් සමන්විත වේ. ක්‍රි.ව. 167-186 කාලෙය්දී  කනිට්ඨ තිස්ස රජු විසින් පුජා කරන ලද්දක් බව මෙම ස්ථානයේ  සංරක්‍ෂණය කර ඇති සෙල් ලිපියෙහි සඳහන් කර ඇත.

කුදිරමලෛතුඩුව

කුදිරමලෛ මෝදරගම් ආරු මෝය  ආසන්නව පිහිටා ඇති පැරණි වරාය නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙය  මන්නාරම් බොක්කට විවෘතව ඇති ස්වාභාවික වරායක් වන අතර එය අතීතයේ දී  ග්‍රීක ජාතිකයින් විසින් “හිපොරස්” (අශ්වකන්ද) වරාය ලෙස  නම් කර ඇත.  විජයකුමරු සහ ඔහුගේ සගයන් මෙම ප්‍රදේශයට ආසන්නව ගොඩබැස ඇති බවට විශ්වාස කෙරේ. තවද මයෝසීන යුගයට අයත් පොසිල ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

kuwenis palace

කුවේණිගේ මාලිගය

කාලිවිල්ලුවට  ආසන්නව විල්පත්තු ජාතික උද්‍යානයේ මධ්‍යම ප්‍රදේශයට වන්නට රජ මාළිගායක නටබුන් හමුවී ඇත. මෙවා කුවේණිය විසු මාළිගාවේ  නටබුන් බවට විශ්වාස කෙරේ. කුවේණිය  යක්ෂ ගෝත්‍රයට අයත් රජ කුමරියක් වන අතර ක්‍රි.පූ 500  දී පමණ විජය රජු සමග විවාහ වී  මෙම ස්ථානයට ආසන්නව ජීවත් වී ඇත.

තොරතුරු බිඳක්

Shopping Basket
WNP

FREE
VIEW