විල්පත්තු ගැන

විල්පත්තු ජාතික උද්‍යානයේ ඉතිහාසය

මෙම ප්‍රදේශය හා බැඳුනු පුරාවෘත ඇතත් එවකට පැවති වාරිමාර්ගවල ව්‍යුහයන් හා අනෙකුත් ඉදිකිරීම්වල නටබුන් ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ සාක්ෂි දරයි.

ක්‍රි.පූ. 500 තරම් වූ ඈත අතීතය වෙත හැරී බැලීමේදි විජය රජතුමා මෙරටට ගොඩ බට තම්බපණ්ණිය කුදිරමලෛ ප්‍රදේශයෙහි පිහිටා ඇත. එය සංස්කෘත භාෂාවෙන් “රඹපොළොව” යන අරුත් ගැන්වේ.

මීට අමතරව, උද්‍යානය තුළ පිහිටි ඇතැම් ස්ථානවලින් පේලියොලිතික හා මෙසොලිතික යුගයවලට අයත් ශේෂයන් සොයා ගත හැකි වී ඇත. මෑත කාලය දෙස හැරී බැලීමේදී මෙරට පැවති සිවිල් යුද්ධය නිසා 1980 දශකයේ මැද භාගයේ සිට 2010 පෙබරවාරි මාසය දක්වා කාලය විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත නොකෙරිණි. එහෙත් මේ වන විට අතීතයේ මෙම උද්‍යානය පැවති ප්‍රෞඪත්වය නැවත ඇති කිරීම සඳහා යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමත් උද්‍යානය තුළ කළමනාකාරීත්වය ශක්තිමත් කිරීමත් සිදු කරමින් පවතී.

කළමනාකරණ සැලැස්ම

විල්පත්තු ජාතික උද්‍යානයේ කළමනාකරණ සැලැස්ම අරමුණු රැසකින් සමන්විත වේ. උද්‍යාන සංරක්ෂණයට අහිතකර බලපෑම් ඇති නොවන අයුරින් සංචාරකයන් හට උසස් රසාස්වාදයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය නිරූපණය කරන නොඉඳුල් ස්ථානයක් ලෙස පවත්වා ගැනීම යනාදිය ඊට ඇතුළත් වේ. විල්පත්තු ජාතික උද්‍යානයේ 2019-2024 කළමනාකරණ සැලැස්ම පහත සබැඳි වලින් අධ්‍යයනය කරන්න.

උද්‍යානය තුළ දී ඔබට කළ හැකි දේ

උද්‍යානය තුළදී ඔබට කළහැකි දේ මොනවාදැයි සොයා බලන්න. දිවා කාලයේ සෆාරි චාරිකාවක යෙදීම, කඳවුරු බිමක ලැගුම් ගැනීම, රාත්‍රී අහසේ මැවෙන තරු රටා නිරීක්ෂණය කිරීම, සහ උද්‍යානය තුළ ඔබ මොබ හැසිරෙන නේක විධ සියොතුන් නීරීක්ෂණය කළ හැකිය.

එමඟින් වන දිවියේ රසමුසු තැන් සොයා ගන්න.

උද්‍යානය තුළ දී ඔබට කළ හැකි දේ

උද්‍යානය තුළදී ඔබට කළහැකි දේ මොනවාදැයි සොයා බලන්න. දිවා කාලයේ සෆාරි චාරිකාවක යෙදීම, කඳවුරු බිමක ලැගුම් ගැනීම, රාත්‍රී අහසේ මැවෙන තරු රටා නිරීක්ෂණය කිරීම, සහ උද්‍යානය තුළ ඔබ මොබ හැසිරෙන නේක විධ සියොතුන් නීරීක්ෂණය කළ හැකිය.

එමඟින් වන දිවියේ රසමුසු තැන් සොයා ගන්න.

camping-in-wilpattu

කඳවුරු බැඳීම

වන සතුන් ගැවෙසන බිමක කඳවුරු බැඳගන්න

ගංගාවක් හෝ වැවක් ආශ්‍රිතව කූඩාරමක රැය පහන් කරමින් එහි ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට කැමති වනජීවී ලෝලීන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික උද්‍යානය තුළ කඳවුරු බිම් සීමිත සංඛ්‍යාවක් හඳුන්වා දී ඇත. කඳවුරු බිමක් වෙන් කරවා ගෙන එහි යන විට අවශ්‍ය කඳවුරු ආම්පන්න සහ පිසින උපකරණ රැගෙන යාමට අමතක නොකරන්න.

මෙම සබැඳිය මඟින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා සහ කඳවුරුබිම් කල්තියා වෙන් කරවාගත යුතුය.

Bird Watching & Safari

සෆාරි

සෆාරියක සිරි විඳින්න

ඔබට උද්‍යානය තුළ ගත කළ හැකි කාලය අනුව දින භාගයක් හෝ සම්පූර්ණ දිනයක් සඳහා සෆාරියක යෙදිය හැකිය. ඔබ උද්‍යානය තුළ ගත කරන පැය කිහිපය තුළදි ශ්‍රී ලංකාවේ ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම උද්‍යානයේ වෙසෙන විශාල ආවේණික ක්ෂීරපායි විශේෂ තුන වන අලියා, වලසා සහ දිවියා දැක බලා ගන්න.

පක්ෂීන් නැරඹීමේ රුචිකත්වයක් දක්වන්නන්ට සංක්‍රමණික පක්ෂින් ඇතුළු පක්ෂි විශේෂ 150කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකිය. කුදිරමලෛ තුඩුව ආශ්‍රිත දර්ශනීය මුහුදු වෙරළේ හො සතුන් නරඹමින් විල්ලු ආශ්‍රිතව ද කාලය ගත කිරීමට ඔබට හැකිය.

බංගලාවක නවතින්න

උද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලාවක ලැගුම් ගන්න

විල්ලු, වැව් සහ ගංගා ආශ්‍රිතව පිහිටන සංචාරක බංගලා හත සහ නේවාසිකාගාරය අතරින් ඔබේ නවාතැන තෝරාගන්න.

ඔබේ නවාතැන අසළට පැමිණෙන වනසතුන් නිරීක්ෂණය කරන්න. අහසේ තරුරටා මැවෙන අතරතුර ඔවුන්ගේ හඬට සවන් යොමු කරන්න.

elephants in wilpattu

පරිසරය

mugger-crocodile-portrait

වර්ෂ 1938 දී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විල්පත්තුව අභයභූමිය ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය කළමනාකරණය කරනු ලබන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ශ්‍රී ලංකාවේ අද්විතීය ජෛව විවිධත්වය සුරැකි භුමිභාගයක් ලෙස විල්පත්තුව ජාතික උද්‍යානය හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ. උද්‍යානයේ පරිසරය සහ භූමිය සැකසී ඇති ආකාරය පිළිබඳ තවදුරටත් සොයා බලන්න.

අපේ කණ්ඩායම

උද්‍යාන කළමනාකරණය සඳහා මහඟු මෙහෙවරක නිරත ඔබට මුණ නොගැසෙන, උද්‍යාන භාරකරු, අඩවි ආරක්ෂක නිලධාරීන්, නියාමකවරුන් , බංගලා භාරකරුවන් හා ස්වේච්ඡා මාර්ගෝපෙද්ශකයන් හඳුනා ගන්න.

විල්පත්තු ජාතික උද්‍යානය ජීව විද්‍යාත්මක සශ්‍රීකත්වයෙන් සුරැකි බිමක් බවට පත්කරන විරුවෝ ඔවුහු ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය විල්පත්තුව ජාතික උද්‍යානයේ හුණුවිලගම පිහිටි උද්‍යාන මූලස්ථානයේ හා වැදගත් ස්ථානවල පිහිටි බීට්ටු කාර්යාලවල ස්ථාන ගත කර ඇත.

මෙලෙස සේවකයින් යොදවා ඇත්තේ වනජීවී අපරාධ මැඬලීම සඳහා ජංගම මුර සංචාර සිදු කිරීමට හා වෙනත් ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහා මෙන්ම උද්‍යානයේ යටිතල පහසුකම් මනාව පවත්වා ගැනීම සඳහා ය.

staff of WNP