විල්පත්තුව ජාතික උද්‍යානය යනු
වනදිවියේ සුන්දරත්වයෙන් සපිරුණු විල්පත්තුව ජාතික උද්‍යානයට සාදරෙයන් පිළිගනිමු.
හෙක්ටයාර් 131,000ක් ඉක්ම වු භුමි භාගයක් පුරා විහිදී ඇති විල්පත්තුව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික උද්‍යානය වන අතර එය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති පැරණිතම රක්ෂිත ප්‍රදේශවලින් එකකි.
මෙම ජාතික උද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව මගින් කළමනාකරණය කරනු ලබන අතර 1938- 1973 දක්වා කාල වකවානුවේදී ප්‍රකාශයට පත් කරන ලද කලාප පහකින් සමන්විත වේ.
අනුරධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති මෙම ජාතික උද්‍යානය මන්නාරම හා වවිනියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත.
විල්පත්තුව ජාතික උද්‍යානය වනඅලීන්ට කදිම වාසස්ථාන සපයන අතර කලාතුරකින් මිනිස් ඇස ගැෙටන වලසුන් හා කොටීන් නැරඹිමට ඇති කදීම ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික උද්‍යානවල දක්නට නොලැබෙන ආකාරෙය් ඝන වනාන්තරයෙන් වැසී ඇති මෙම භුමිභාගය වියළි කලාපීය වනාන්තර, කටු පදුරු සහිත වනාන්තර, තැනින්තැන විශාල ප්‍රෙද්ශයක විසිරුණු විවෘත තැනිතලා, වැලිපර හා සුවිශේෂි විල්ලු පද්ධතිවලින් සමන්විත වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශ්‍රිත පටු වෙරළ තීරෙයන් වහා නැගෙන රත් පැහැති නග්න ප්‍රපාතය උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමි භාගයකි.
විල්පත්තු ජාතික උද්‍යානය ඉපැරණි ඓතිහාසික නගරයක් වන අනුරාධපුරයට ආසන්නව පිහිටා ඇති අතර, ඉතිහාසයේ විවිධ කාලවකවානුවලට අයත් පුරාණ නටබුන් හා මානවකෘතිවලින් සමන්විත වේ
අන්තර්ජාතික වශයෙන් ඇති වැදගත්කම
2013 වසෙර්දී, මුළු විල්පත්තු ජාතික වනෝද්‍යානය ද කිලෝමීටර් 10ක් දක්වා විහි දී ඇති බටහිර වෙරළ තීරයේ කරදිය තෙත්බිම් ද කලාඔය මෝය ද මෝදරගම් ආරු මෝය, සහ මහවිලච්චිය මිරිදිය ජලාශය රැම්සා සම්මුතිය යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම රැම්සා තෙත්බිම හෙක්ටයාර 165,000 කින් සමන්විත වන අතර එමගින් ආවරණය කරනු ලබන ප්‍රධානතම කලාපය වන්නේ විල්පත්තු ජාතික උද්‍යානයයි.
චර්යාධර්ම පද්ධතිය
විල්පත්තු ජාතික උද්‍යානයට පිවිසෙන සංචාරකයින් සඳහා චර්යාධර්ම පද්ධතිය
විල්පත්තු ජාතික උද්‍යානය සතු ඉහළ ජෛව විවිධත්වය අනාගත පරපුර සඳහා සුරැකීම අරමුණ වුවත් එහි වටිනාකම්වලට හානි නොවන පරිදි වනජීවී ලෝලීන්ට උද්‍යානය තුළදී සොබාදහමේ සුන්දරත්වය උපරිමයෙන් අත්විඳීමට පහසුකම් සපයා ඇත. මෙම උද්‍යානයේ දිවි ගෙවන වනජීවීන් හා එහි ඇති ස්ථාන නැරඹීම සඳහා 2018 වසෙර් දී, ලක්ෂයකට ආසන්න සංචාරයින් සංඛ්‍යාවක් පැමිණ ඇත. එබැවින් විල්පත්තුව ජාතික උද්‍යානය තුළදී සංචාරකයින්ගේ හැසිරීම කුමන ආකාරයට විය යුතු ද යන්න දැනුවත් කිරීම සඳහා චර්යා ධර්ම පද්ධතියක් සකස් කර ඇත.
- උද්‍යානය තුළදී වනසතුන්ට ආහාර ලබාදීම සපුරා තහනම් බැවින් ඉන් වළකින්න.
- මෙම ජාතික උද්‍යානය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන මඟින් ආරක්ෂා වන බැවින් එය තුළ ඇති කිසිදු වස්තුවක් හෝ ද්‍රව්‍යයක් ළඟ තබා ගැනීමට හෝ සිහිවටනයක් ලෙස උද්‍යානෙයන් පිටතට රැගෙන යාමට අවසර නොමැත. මෙයට ඕනෑම වන සතෙකු, කෘමියෙකු, ශාක, මල්, බිත්තර, අස්ථි, හිස්කබල්, පාෂාණ ආදී දේ ඇතුළත් වේ.
- වනජීවීන් නැරඹීමේදී ඔවුන් පීඩාවට පත් නොවන ආකාරයට දැඩි නිෂ්ශබ්දතාවයක් පවත්වාෙගන යන්න.
- වනජීවීන්ගේ ඡායාරූප ලබාගැනීමේ දී ෆ්ලෑෂර් භාවිතා කිරීමෙන් වළකින්න.
- ජංගම දුරකථනවලින් ශබ්ද (ඝෝෂාකාරී සංගීතයන් හා අනෙකුත් ශබ්ද) නිකුත් වීමට ඉඩ හැරීමෙන් වළකින්න.
- වනසතුන් දර්ශනය වන ස්ථානවලදී අත් පොළසන්දීම, සිවුරුහන්බෑම හෝ කිසිදු අයුරකින් හඬ නැඟීමෙන් වළකින්න.
- ඔබේ වාහනයෙන් පිටතට නොඑන්න. සංචාරයේ යෙදෙන විට ජනේලයෙන් පිටතට එබීමෙන් හෝ වහලය මතට නැගීමෙන් වළකින්න.
- ඔබේ වාහනයෙන් පිටතට ඒමට අවසරදී ඇත්තේ කුඹුක්විල සහ කුදිරමලේ වැනි නම් කර ඇති නිශ්චිත ස්ථානවලදී පමණි.
- ඔබේ වාහනයෙන් ඉවතට කුණු විසි කිරීම සපුරා තහනම් ය. කරුණාකර ඔබේ කසළ ඔබම උද්‍යානයෙන් පිටතට රැගෙන ගොස්, නිසි ආකාරයෙන් බැහැර කරන්න.
- උද්‍යානය තුළ දී දුම්පානය කිරීම හෝ මත්පැන් භාවිතය සපුරා තහනම් ය.
- උද්‍යානය තුළ අවසර ලත් රෝද හතරේ වාහන පමණක් ධාවනයට යොදා ගත හැකි අතර, ඒවායේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 25 ක් වන බැවින් එය ඉක්මවා නොයන පරිදි පවත්වා ගන්න. මන්දගාමී රියපැදවීම මඟින් කුරුල්ලන්, උරගයින්, උභයජීවීන්, සහ කෘමීන් වැනි කුඩා සතුන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඔබට උදා වේ.
- ඔබේ රියදුරා වෙනත් වාහනවලට, වනජීවීන්ගේ නිදහස් සංචරණයන්ට, සහ හැසිරීම්වලට බාධා නොකරන බවටත් සහතික වන්න.
ප්‍රධාන වනජීවී විශේෂ 5
(උද්‍යානයේ දැවැන්තයෝ)
විල්පත්තු ජාතික උද්‍යානයේදී පහසුවෙන් නිරීක්ෂණය කළහැකි එහෙත් ගෝලීය වශෙයන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රධාන වනජීවී විශේෂ 5 ගැන ඔබත් දැනගන්නට කැමතිද?
විශාල දේහ ධාරී අලි ඇතුන් ද ගොදුරු සොයමින් ඒ මේ අත ගමන් කරන දිවියන් ද හීන් බහුරුමානාවන් ද දක්වා මේ විවිධත්වය දිවයයි. වැඩි විස්තර සඳහා පහළට Scroll කරන්න.
ප්‍රධාන වනජීවී විශේෂ 5
(උද්‍යානයේ දැවැන්තයෝ)
විල්පත්තු ජාතික උද්‍යානයේදී පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි, එහෙත් ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රධාන වනජීවී විශේෂ 5 ගැන දැනගන්නට කැමතිද?
විශාල දේහධාරී අලි ඇතුන් ද ගොදුරු සොයමින් ඒ මේ අත ගමන් කරන දිවියන් ද හීන් බහුරුමානාවන් ද දක්වා මේ විවිධත්වය දිවයයි.
වැඩි විස්තර සඳහා පහළට Scroll කරන්න.
- 01.
අලියා - 02.
දිවියා - 03.
මන්ද
වලසා - 04.
හීන්-බහුරූ
මානාවා - 05.
හැල
කිඹුලා
අලියා
ශ්‍රී ලංකා අලියා
(Elephas maximus maximus)
ආසියානු අලින්ගේ උප විශේෂ තුනෙන් එක් උප විශේෂයක් මෙරට වාසය කරන අලියා නියෝජනය කරන අතර එම උප විශේෂය මෙරටට ආවේණික වේ. ගොඩබිම වාසය කරන විශාලතම සත්වයා අලියා වේ. මොවුන් උද්‍යාන මායිම්වල හා උද්‍යානයේ බටහිර වෙරළබඩ ප්‍රදේශවල, විශේෂයෙන්ම පොම්පරිප්පු සහ මයිලවිල්ලු හි නිදැල්ලේ සැරිසරණු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
අනෙකුත් ක්ෂීරපායින් මෙන් නොව, ඔවුන් උද්‍යානයේ මධ්‍යම ප්‍රදේශයෙහි පිහිටි විල්ලු සහ වැව් ආශ්‍රිතව කණ්ඩායම් වශයෙන් කලාතුරකින් හමුවේ.
දිවියා
ශ්‍රී ලංකා දිවියා
(Panthera pardus kotiya)
විල්පත්තු ජාතික උද්‍යනය, මෙරටට ආවේණික කොටි උප විශේෂය නැරඹීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ශ්‍රී ලංකාවේ වාසය කරන බළල් පවුලට අයත් විශාලතම සත්ත්වයා වීමත්, ආහාර දාමවල ඉහළම ස්ථරය නියෝජනය කරන විලෝපිකයන් වීමත් නිසා ඔවුන්ට සතුරන් නොමැත.
එබැවින් හිමිදිරියේ හා ගොම්මන් යාමයේ ඔවුන් කිසිදු බිය සැකයකින් තොරව විල්ලු හා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල අව්ව තපිමින් හා ගොදුරු සොයමින් නිදැල්ලේ හැසිරෙනු පහසුවෙන් නැරඹිය හැකිය. උද්‍යානයේ මධ්‍ය ප්‍රදේශයේ කොටියන් 40ක් පමණ වාසය කරයි.
මන්ද
වලසා
ශ්‍රී ලංකා මන්ද වලසා
(Melursus ursinus inornatus)
ශ්‍රී ලංකාවේ වාසය කරන උප විශේෂය ඉන්දියාවේ වාසය කරන උප විශේෂයට වඩා බෙහෙවින් කුඩා ය. වලසුන් උද්‍යානය පුරා මුණගැසෙන නමුත් මරදන්මඩුව ප්‍රදේශයේ මොවුන් සුලබ බැවින් පහසුවෙන් දැකගත හැකි වේ. වලසුන් සර්වභක්‍ෂකයන් වන අතර, ප්‍රධාන වශයෙන් වේයන් හා කුඩා ඵල මත යැපෙයි.
පලු (Manilkara hexandra) හා වීර (Drypetes sepiaria) මත යැපෙන වලසුන් ශ්‍රී ලංකාවේ විශාල ක්ෂීරපායින් හා උද්‍යානයේ ඇති ප්‍රමුඛ ශාක විශේෂ අතර ඇති පාරිසරික සම්බන්ධතාවයට කදිම උදාහරණයක් සපයයි.
හීන්-බහුරූ
මානාවා
හීන්-බහුරූ මානාවා
(Leptoptilos javanicus)
හීන් බහුරූ මානාවන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පහත් බිම්වලට සීමාවූ දුලබ මෙන්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන පක්ෂියෙකි. මසුන්, ගෙම්බන් සහ විශාල අපෘෂ්ඨවංශීන් මොවුන්ගේ ගොදුරු වන බැවින් උන් සොයමින් විල්ලු සහ වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල ඇවිදිනු නිරීක්ෂණය කළ හැකිය.
බහුරූ මානාවා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාලතම ජලාශ්‍රිත පක්ෂියා වන අතර, මොවුන්ගේ සම්පූර්ණයෙන්ම වාගේ පිහාටුවලින් වලින් තොර නග්න හිස, විශාල හොට සහ කහ පැහැති බෙල්ල ඔවුන්ට සුවිශේෂි පෙනුමක් ලබාදෙයි.
හැල
කිඹුලා
හැල කිඹුලා
(Crocodylus palustris)
ශ්‍රී ලංකාවෙන් හමුවන කිඹුලන් විශේෂ දෙකෙන් හැල කිඹුලන් උද්‍යානය තුළදී සුලබව දක්නට ලැබේ. කිඹුලන් උරග වර්ගයට (Class – Reptilia) අයත් වන අතර ඔවුන් අචලතාපී සතුන් වේ. එබැවින් ඔවුන්ගේ ශරීර උෂ්ණත්ව යාමනය සඳහා මුඛය පුළුල්ව විවෘත කරගෙන සිටිම සිදු කරනු ලබයි. මෙසේ මුඛය විවෘත කර ගත් කිඹුලන් විල්ලු පරිසර පද්ධති හා වැව් තාවුල්ලේ රැඳී සිටිනු නිතිපතා නිරීක්ෂණය කළ හැකි ය.
වැදගත් කරුණු
ඉතිහාසය සහ වැදගත් ස්ථාන
විල්පත්තු ජාතික උද්‍යානය පුරා දක්නට ලැබෙන ඉපැරණි වැව්, බෞද්ධ ආරාම, ස්ථූපවල නටඹුන් හා ශිලාලේඛන වාරි කර්මාන්තය මත පදනම් වූ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් පැවති බවට සාක්ෂි දරයි.
ක්‍රි.පූ. 500 දී පමණ සිංහල ජාතියේ ආරම්භකයා වන විජය රජු ගොඩබට ස්ථානය බව විශ්වාස කරන තම්බපණ්ණිය, විල්පත්තු ජාතික උද්‍යානයේ කුදිරමලේ තුඩුව සහ මෝදරගම්ආරු ගංමෝය අතර පිහිටා ඇති බවට සැලකේ. තවද මීට වසර 2,000කට පෙර මරදන්මඩු වැවේ ඊසාන දෙසින් පිහිටි ගල් බැඳිනීරාවිය, දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සිය බිරිඳ වූ අශෝක මාලාවන් සමග වාසය කළ ස්ථානය බවට සැලකේ.
එමෙන්ම පේලියොලිතික හා මෙසොලිතික යුගවලට අයත් ප්‍රාග් ඓතිහාසික ස්ථානයන් ද විල්පත්තුව ජාතික උද්‍යානයෙන් හමු වී ඇත.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වු සිවිල් යුද්ධය නිසා වසර 20කට වැඩි කාලයක් විල්පත්තුව ජාතික උද්‍යානය නැරඹිමට මහජනතාවට අවස්ථාව නොලැබුණී. 2009 මැයි මස යුද්ධය නිමාවත් සමඟම 2010 පෙබරවාරි 27 දින මහජනතාවට උද්‍යානය නැරඹීම සඳහා නැවත විවෘත කරන ලදී.
සැලකිය යුතු කාලයක් උද්‍යානය සංග්‍රාමිකයින් ගැවසෙන බිම්ක් බවට පත් වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස උද්‍යාන කළමනාකරණය දැඩි ලෙස අඩපණවූ අතර කාර්යය මණ්ඩලය සහ වනජීවීන්ට එහි අහිතකර බලපෑම්වලට ලක් වීමට සිදු විය. මේ වන විට යථාවත් කරනු ලැබු උද්‍යාන කළමනාකරණය හා යටිතල පහසුකම් නිසා උද්‍යානය තුළ වනජීවීන්ගේ පැවැත්ම යහපත් තත්වයකට පත්ව ඇත.
තවද මායිම් ගම්මානවල ජීවත්වන ගම් වැසියන් උද්‍යානය සමඟ පවතින සම්බන්ධතාවයේ විවිධත්වයක් නිරූපණය කරන නිසා සමාජ-ආර්ථික වටිනාකම් ද විවිධත්වයක් පෙන්නුම් කරයි. බටහිර මායිම ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන් මෝය හා සාගරයෙහි ධිවර කටයුතුවල නියැලමින් ජීවත් වන අතර අනෙක් ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන්නන් කෘෂි කාර්මික කටයුතු වල නිරතවේ.
විල්පත්තු ගවේශනය
සංචාරය සඳහා සැලසුම් කරන්න
සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධිවිධානයන්ට අනුව, වනජීවීන් නැරඹිම සඳහා උද්‍යානයකට පිවිසිමට නියමිත ගාස්තු ගෙවීමෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුවේ. විල්පත්තුව ජාතික උද්‍යානය නැරඹිම සඳහා හුණුවිලගම (අනුරාධපුරය දිස්ත්‍රික්කය) හෝ එළුවන්කුලම (පුත්තලම දිස්ත්‍රික්කය) උද්‍යාන පිවිසුමෙන් මෙම අවසර පත්‍රය ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා ගාස්තු පිටුව වෙත පිවිසෙන්න.
ප්‍රධාන නගරවල සිට උද්‍යාන පිවිසුම් දක්වා දුර
ප්‍රධාන නගර | දළ වශයෙන් දුර (කි.මී.) | |
---|---|---|
හුනුවිලගම
(අනුරාධපුර) |
එළුවන්කුලම (පුත්තලම) |
|
කොළඹ | 190 | 165 |
නුවර | 156 | 160 |
අනුරාධපුර | 35 | 106 |
පුත්තලම | 64 | 30 |
ගාල්ල | 301 | 283 |
උද්‍යානය දිනපතා උදේ 6 සිට සවස 6 දක්වා සංචාරකයින් සඳහා විවෘතව පවතින නමුත් අයහපත් කාලගුණික තත්ත්වයන් මත මෙම කාල සීමාව වෙනස් විය හැක. උද්‍යානය තුළ ගමන් කිරීමට රෝද හතරේ වාහනවලට පමණක් අවසරදී ඇති අතර එම ජීප්රථවල උපරිම වේගය පැයට කිලෝමීටර 25 කට වඩා අවම මට්ටමක පවත්වා ගත යුතුය. ඔබ ඔබෙග් පුද්ගලික රථයක් භාවිතා කරන්නේ නම්, උද්‍යාන කළමනාකාරීත්වය විසින් ලබාදෙන මාර්ගෝපදේශකයකු සමඟ යා යුතුය. නරඹන්නන්ට තම වාහනවලින් පිටතට ඒමට අවසර ඇත්තේ කුඹුක්විල සහ කුදිරමලෛතුඩුව වැනි නම් කරනු ලැබු නිශ්චිත ස්ථානයන්වල දී පමණි. හුණුවිලගම පිවිසුමේ කෞතුකාගාරයක් ද පිහිටුවා ඇත.
විල්පත්තු ජාතික උද්‍යානය සතුව එකවර පුද්ගලයන් 10 දෙනෙකු බැගින් ලැගුම් ගත හැකි සංචාරක බංගලා හතක් සහ පුද්ගලයින් 50 දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි නේවාසිකාගාරයක් ද ඇත. ස්වභාවධර්මෙය් අපුර්වත්ව විදීමට මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් විඳීමට රුචිකත්වයක් දක්වන සංචාරයින් සඳහා කඳවුරුබිම් ද ඇත. උද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා, නේවාසිකාගාරය සහ කඳවුරු භූමි ඔබගේ සංචාරයට පෙර, කළින් වෙන්කරවා ගත යුතු බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුවේ වෙබි අඩවියට පිවිස ඊ-සේවාව මගින් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සෘජුවම මෙය සිදුකර ගත හැකිය.
උද්‍යාන පිවිසුම්වල සිට කිලෝමීටර 10ක් ඇතුළත ඔබගේ රුචිකත්වයට සරිලන විවිධකාර නවාතැන් පොළවල් ඔබට දැක ගත හැකිය. සංචාරක ආකර්ෂණය දිනා ගත් අනුරාධපුරය සහ කල්පිටිය නගරයන්හී දී හෝටල් හා සුඛෝපභෝගී කඳවුරුබිම් සුලභව හමුවේ. කල්පිටිය කයිට්සර්ෆින් වැනි ක්‍රීඩා සඳහා ද ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීම සඳහා ද එය සතුව ඇති වෙරළ තීරය නිසාද ප්‍රසිද්ධියක් උසුලයි. මේ අතර ශ්‍රී ලංකාවේ අතීත ප්‍රෞඪත්වය විදහා දක්වන පෞරාණික නටබුන්වලින් අනූන අනුරාධපුරය නගරයෙහි ද සංචාරය කළ හැකිය.