මත්ස්‍ය විශේෂ

හැඳින්වීම

මත්ස්‍යයින් භෞමික සතුන්ගේ ආහාර ජාල වලට වැදගත් සම්බන්ධතාවයක් දක්වන නිසා උද්‍යානය තුළ වසර පුරා ජලය පිරි පරිසර පද්ධතිවල මෙන්ම වසරේ එක් කාලයක් පමණක් ජලය රැඳි පරිසර පද්ධතිවල ද ‍මොවුන් හමුවේ.

මෙම ජලජ පරිසර පද්ධතිවලට ගංගා, ඇළදොළ, විල්ලු වැනි ස්වභාවික පරිසර පද්ධතින් ද වැව් වැනි කෘත්‍රීම පරිසර පද්ධතීන් ද අඩංගු වේ. මත්ස්‍ය කුල 09 කට අයත් දේශීය මත්ස්‍ය විශේෂ 29 ක්ද දේශීය නොවන මත්ස්‍ය විශේෂ 2ක් ද උද්‍යානයෙන් වාර්ථා වේ.

fish in wilpattu

විල්පත්තු ජාතික උද්‍යානයේ
වාසය කරන මත්ස්‍යය විශේෂ

විල්පත්තු ජාතික උද්‍යනය එහි  වෙසෙන විවිධාකාර වු විශේෂ සඳහා විවිධ වු පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ මත්‍ස්‍ය  විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

විල්පත්තු ජාතික උද්‍යානයේ
වාසය කරන මත්ස්‍ය විශේෂ

විල්පත්තු ජාතික උද්‍යනය එහි  වෙසෙන විවිධාකාර වු විශේෂ සඳහා විවිධ වු පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ මත්‍ස්‍ය  විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

Hora-Dandiya-(Horadandia-atukorali)

හොර දණ්ඩියා

(Horadandia atukorali)

හොරදණ්ඩියා මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයකි. දිගැටි සිරුර සෙන්ටිමීටර 2ක් පමණ වන අතර මොවුන් ශ්‍රී ලංකාවේ වාසය කරන කුඩාම මිරිදිය මත්ස්‍ය විශේෂය වේ. ශරීරයේ මතුපිට ප්‍රදේශය (පෘෂ්ඨීය ප්‍රදේශය) ඔලිව් කොළ පැහැයෙන් යුක්ත වන අතර උදරීය ප්‍රදේශය රිදී පැහැයෙන් යුක්ත වේ. මොවුහු ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු ප්‍රදේශවල පහත රට තෙත් සහ වියළි කලාප දෙකෙහිම වෙසෙති.

විල්පත්තුව ජාතික උද්‍යානය තුළ දී වසර පුරාම ජලය රැඳි විල්ලු පරිසර පද්ධතිවලට මෙම විශේෂය සීමා වී ඇත. විල්ලු වෙනත් ජල මූලාශ්‍ර සමග සම්බන්ධ නොවන බැවින් විල්පත්තු ජාතික උද්‍යානයේ සිටින හොරදණ්ඩියන් හුදෙකලා වූ සුවිශේෂී ගහණයක් ලෙස හැඳින්විය හැක.

විල්පත්තු ජාතික උද්‍යානය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මගින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යනයක් බැවින් එහි සිටින හොරදණ්ඩියන් පූර්ණ ආරක්ෂාව සහිත ගහණයක් බවට පත් වි ඇත. මෙම විශේෂයට විල්පත්තු ජාතික උද්‍යානය තුළ ඇති ප්‍රධාන තර්ජනය වන්නේ දේශගුණික විපර්යාසයන් නිසා වියළි කාලවල දී විල්ලු වියළී යාමට ඇති හැකීයාවයි.

Sri-Lanka-Filamented-Barb-Dawkinsia-singhala

දංකුඩ පෙතියා

(Dawkinsia singhala)

දංකුඩ පෙතියා මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයකි. ශරීරය සෙ.මී. 9 දක්වා උපරිමයකට වර්ධනය වේ. වැඩුණු සතුන්ට ගුද වරලට ඉහළින් කැපී පෙනෙන කළු ලපයක් ඇත. ලා බාල සතුන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන අතර, ශරීරයේ කළු පැහැති ඉරි තුනක් සහ පෞච්ඡ වරලෙහි ඉහළ අර්ධයෙහි කෙළවර රතු ලප දෙකක් ඇත. මාළුවා පරිණත වන විට පෞච්ඡ වරලට ඉහළින් වු කළු පැහැති ලපය පමණක් ඉතිරි කරමින් අනෙකුත් සලකුණු මැකී යයි. වැඩුණු පිරිමි සතෙකුගේ පෘෂ්ඨිය වරෙලහි දික් වූ කිරණ ඇත. මෙම විශේෂය මෙරට තෙත් සහ වියළි කලාප දෙකෙහිම දක්නට ලැබේ.

මොවුහු විල්පත්තු ජාතික උද්‍යානය සහ ඒ අවට ප්‍රදේශ වන කලාඔය, මෝදරගම්ආරු සහ අනෙකුත් මිනිසා විසින් සාදන ලද වැව්වල ව්‍යාප්ත වී ඇත. ජලජ පක්ෂීන් සහ දියබල්ලන් මොවුන්ගේ ස්වාභාවික විලෝපිකයන් ලෙස හඳුනා ගෙන ඇත. උද්‍යානය අවට ප්‍රදේශවල සිදු වන ධීවර කටයුතු වලට දී අහඹු ලෙස ඇල්ලීමට ලක්වේ.

තඹලයා හෙවත් හිරි කනයා

(Labeo Lankae)

මොවුන් මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂයකි. වාර්තා වී ඇති උපරිම දිග සෙ.මී. 35 කි. එහෙත් බහුතරය සෙ.මී. 15 දක්වා වැඩේ. ශරීරයේ පෘෂ්ඨීය ප්‍රදේශය ඔලිව් කොළ පැහැයෙන් යුක්ත වන අතර දෙපස රිදී පැහැයේ සිට ක්‍රමයෙන් රන්වන් පැහැය ගනී. පෞච්ඡ වරල ඇතුළුව අනෙකුත් වරල් තැඹිලි පැහැයෙන් යුක්තවේ.

වලිග වරල් (පෞච්ඡ වරල්) නටුවේ කැපී පෙනෙන කළු පැහැති පැල්ලමක් දක්නට ලැබේ. මෙම විශේෂය වියළි කලාපයේ වැව් ඇතුළු පහත් බිම්වලද දක්නට ලැබේ. එසේම, විල්පත්තු ජාතික උද්‍යානය් අසලින් ගලා බසින මල්වතු ඔයෙහි ශ්‍රී ලංකාව් වයඹ ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති ගහණය නැරඹිය හැකි වේ.

shark-catfish-wallago-attu

මහ වලයා

(Wallago attu)

මෙම මත්ස්‍ය විශේෂය දේශීය මත්ස්‍ය විශේෂ වන අතර පාකිස්තානයේ සිට ඉන්දුනීසියාව දක්වා ද උතුරෙන් වියට්නාමය දක්වා ද ව්‍යාප්තව ඇත. මොවුන් විශාල, විලෝපික අංකුට්ටෙකු (Catfish) වන අතර ශරීර දිග මීටර් 2ක් පමණ වන බව වාර්තා වී ඇත. නමුත් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් පමණ වේ. ශරීරයේ ඉහළ ප්‍රදේශය ඔලිව් කොළ පැහැයක් ගන්නා අතර පෘෂ්ඨීයව ලා රන්වන් පැහැයෙන් ද උදරීය ප්‍රදේශය රිදී-අළු පැහැයක් ද යුක්තවේ.

මහවලයන් ශ්‍රී ලංකාවේ පහත්බිම් පුරා ව්‍යාප්තව සිටියි. මොවුන් මිරිදිය පරිසර පද්ධතිවල සිටින ප්‍රමුඛ විලෝපික මසුන් වේ. ඔවුන් සෙමෙන් ගලා බසින, මඩ සහිත පතුල් ඇති හා ජලජ ශාක සහිත තණ කොළ ඉවුරුවලින් සමන්විත ගංගාවලට වැඩි කැමැත්තක් දක්වයි. කුඩා මාළුන් , මෘද්වංශීන් (බෙල්ලන් වැනි විශේෂ ) සහ ක්‍රස්ටේසියාවන් (ඉස්සන් වැනි විශේෂ) මොවුන්ගේ ආහාර වේ. විනෝදාංශයක් ලෙස මාළු ඇල්ලීමේ දී යොදා ගන්නා මත්ස්‍ය විශේෂයක් ලෙස මහවලයන් හැඳින්විය හැකිය. තවද මොවුන් විල්පත්තු ජාතික උද්‍යානයේ වැව්වල සහ කලා ඔයෙහි දක්නට ලැබේ. මොවුන් ආහාර වශයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා මිරිදිය මත්ස්‍ය විශේෂයකි. කෙසේ වෙතත්, වාසස්ථාන විනාශ වීම, අධි පරිභෝජනය සහ ගංගා සහ වැව්වල ගැඹුරු ගල්තටාකවල මසුන් ඇල්ලීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් මහවලයන් සංඛ්‍යාව අඩු වෙමින් පවතී.

Giant / Great Snakehead (Channa marulius)

කළු ගං ආරා

(Channa marulius)

මහගංආරා යනු දේශීය මත්ස්‍ය විශේෂයක් වන අතර මාංශභක්ෂක භෝජන විලාසයක් සහිත ප්‍රමාණයන් විශාල මත්ස්‍යකි. මොවුන් සෙන්ටිමීටර 80ක් පමණ දිගට වර්ධනය වේ. ඔවුහු පාකිස්තානයේ සිට චීනයට දක්වා ද දකුණින් තායිලන්තය දක්වා ද ව්‍යාප්තව සිටිති. තවද කළු ගං ආරන් ශ්‍රී ලංකාවේ පහත රට ප්‍රද්ශයන් පුරා මීටර් 500 ක උන්නතාංශයක් දක්වා ව්‍යාප්තව සිටියි. පරිණත මත්ස්‍යකු පෘෂ්ඨීයව දුඹුරු පැහැයේ සිට කළු පැහැයත්, උදරීයව අළු සහ කහ පැහැයත් ගනියි. පැටවුන්ගේ වලිගෙයහි කළුදාරයකින් වට වු කහ පැල්ලමක් ඇත.

මත්ස්‍යයා වර්ධනය වීමත් සමඟ මෙම පැල්ලම ක්‍රමෙයන් මැකීයයි. මෙම විශේෂය තමන් වාසය කරන භූමිය අන් සතුන්ගෙන් වෙන් කර තබා ගන්නා අතර එම විශේෂයේම වෙනත් මත්ස්‍යයකු එයට පිවිසි විට ඌ පළවා හරියි. මොවුන් ප්‍රචණ්ඩත්වයක් නිරූපණය කරන මත්ස්‍ය විශේෂයති.

සාමාන්‍යයෙන් දිය යට වැඩෙන ජලජ ශාක ප්‍රජාව සහිත ගංගා සහ ඇළදොළවල ගැඹුරු ප්‍රදේශවල විසීමට මෙම විශේෂය රුචිකත්වයක් දක්වයි. මොවුන් මිනිසුන්ගේ පරිභෝජනය සඳහා යොදා ගන්නා මත්ස්‍යයෙකු වේ. වාසස්ථාන විනාශ කිරීම, ධීවර කටයුතුවලදී අධික ලෙස ඇල්ලීම සහ පරිසර දූෂණය හේතුවෙන් ස්වභාවික පරිසරවල මොවුන්ගේ ප්‍රමාණයෙන් විශාල මත්සයින් සංඛ්‍යාව දුර්ලභ වීමත් විශේෂයේ ගහණ ඝණත්වය අඩු වීමත් සිදු වෙමින් පවතී. විල්පත්තුව් දී වැව් හා ඒ ආශ්‍රිත ගංගාවලින් මොවුන් හමු වේ.

තොරතුරු බිදක්

giant-snakehead
Shopping Basket
WNP

FREE
VIEW