පරිසර පද්ධති

හැඳින්වීම

වියළි කලාපය තුළ සිදුවන පාරිසරික සන්තතියක අවසාන අවස්ථාව ලෙස නිවර්තන වියළි සදාහරිත වනාන්තරයක් බිහි වේ. විල්පත්තු ජාතික උද්‍යානය ද වියළි කලාපය තුළ පිහිටා ඇති බැවින් එහි දී හමුවන වනාන්තර ආකාරය ද නිවර්තන වියළි සදාහරිත වනාන්තරයයි. මෙම වනාන්තර දැවමය වටිනාකමත් සහිත දේශීය ශාක මෙන්ම ‍අනෙකුත් වන ජීවීන් උදෙසා රැකවරණය සලසන ස්ථානයක් ලෙස සැලකේ. ජීවත්වන විශේෂයන්ගේ සංයුතිය හා වෘක්ෂලතාදියෙහි උස පදනම් කර ගෙන මෙම වනාන්තර තවදුරටත් බෙදා දැක්විය හැකිය. එනම් මීටර 20 ට අඩු වියන් ස්ථරයක් සහිත වනාන්තර, මධ්‍යම උසක් සහිත වනාන්තර, උස අඩු හෙවත් කුරු වනාන්තර සහ පාෂාණ මත ඒවා ආවරණය කරමින් සෑදුණු වනාන්තර ඊට ඇතුළත් වේ.

නිවර්තන කටු පදුරු සහිත වනාන්තර මීටර් 4-6ක් පමණ උසට වර්ධනය වු කටු සහිත ශාක වලින් සමන්විත වේ. මෙම වනාන්තර තියුණු කටු සහිත ශාක මෙන්ම ඉතා දෘඪ තියුණු බවින් තොර කටු සහිත ශාකවලින් ද සමන්විත වේ.

ගංගාධාර වනාන්තර ගංගා සහ ඇළදොළවල් දෙපස දැකිය හැකිය. මෙසේ ගලායන ගංගා මුහුදට වැටෙන වෙරළ සීමාවේ දී මෙම ශාක ප්‍රජාව කඩොලාන පරිසර පද්ධති හා සම්බන්ධ වේ. කලාඔය හා මෝදරගම් ආරු ගංගා ආශ්‍රිතව සරුවට වැඩුණු ගංගාධාර වනාන්තර හමු වේ. මෙම වනාන්තර කුරුල්ලන්, වවුලන්, උරගයින්, උභයජීවීන් ආදි විශේෂ සඳහා කදිම නවාතැන්පලක් වී ඇත.

වියළි පතන තෘණබිම් විල්පත්තු ජාතික උද්‍යානයේ බටහිර දෙසට වන්නට සුලභව හමු වේ. ජාතික උද්‍යාන භුමිය පුරා ව්‍යාප්ත වී ඇති මෙම තෘණබිම් අතිතයේ විසු මිනිසුන් විසින් භාවිතයට ගත් වනාන්තර ප්‍රදේශවල දී සුලභව හමු වේ.

විල්පත්තුවේ පරිසර පද්ධති

විල්පත්තු ජාතික වනෝද්‍යානය විවිධාංගීකෘත භූමීන්ගෙන් සමන්විත වේ.

උද්‍යානයේ ඇති ප්‍රධාන පරිසර පද්ධති ගැන වැඩි විස්තර මෙසේයි.

විල්පත්තු ජාතික උද්‍යානයේ - පරිසර පද්ධතින්:

විල්පත්තු ජාතික උද්‍යානය විවිධ පරිසර පද්ධතීන්ගේ පැවැත්මට අවැසි වටපිටාව සලසා දෙයි. 

උද්‍යානයේ ඇති ප්‍රධාන පරිසර පද්ධතින්  ගැන සොයා බලන්න

forest ecosystems

වනාන්තර පරිසර පද්ධති

වියළි කලාපය තුළ සිදුවන පාරිසරික සන්තතියක අවසාන අවස්ථාව ලෙස නිවර්තන වියළි සදාහරිත වනාන්තරයක් බිහි වේ. විල්පත්තු ජාතික උද්‍යානය ද වියළි කලාපය තුළ පිහිටා ඇති බැවින් එහි දී හමුවන වනාන්තර ආකාරයද නිවර්තන වියළි සදාහරිත වනාන්තරයයි. මෙම වනාන්තර දැවමය වටිනාකමත් සහිත දේශීය ශාක මෙන්ම ‍අනෙකුත් වන ජීවීන් උදෙසා රැකවරණය සලසන ස්ථානයක් ලෙස සැලකේ. ජීවත්වන විශේෂයන්ගේ සංයුතිය හා වෘක්ෂලතාදියෙහි උස පදනම් කර ගෙන මෙම වනාන්තර තවදුරටත් බෙදා දැක්විය හැකිය. එනම් මීටර 20 ට අඩු වියන් ස්ථරයක් සහිත වනාන්තර, මධ්‍යම උසක් සහිත වනාන්තර, උස අඩු හෙවත් කුරු වනාන්තර සහ පාෂාණ මත ඒවා ආවරණය කරමින් සෑදුණු වනාන්තර ඊට ඇතුළත් වේ.

නිවර්තන කටු පදුරු සහිත වනාන්තර මීටර් 4-6ක් පමණ උසට වර්ධනය වු කටු සහිත ශාක වලින් සමන්විත වේ. මෙම වනාන්තර තියුණු කටු සහිත ශාක මෙන්ම ඉතා දෘඩ තියුණු බෙවන් තොර කටු සහිත ශාකවලින් ද සමන්විත වේ.

ගංගාධාර වනාන්තර ගංගා සහ ඇළදොළවල් දෙපස දැකිය හැකිය. මෙසේ ගලායන ගංගා මුහුදට වැටෙන වෙරළ සීමාවේ දී මෙම ශාක ප්‍රජාව කඩොලාන පරිසර පද්ධති හා සම්බන්ධ වේ. කලාඔය හා මෝදරගම් ආරු ගංගා ආශ්‍රිතව සරුවට වැඩුණු ගංගාධාර වනාන්තර හමු වේ. මෙම වනාන්තර කුරුල්ලන්, වවුලන්, උරගයින්, උභයජීවීන් ආදි විශේෂ සඳහා කදිම නවාතැන්පලක් වී ඇත.
වියළි පතන තෘණබිම් විල්පත්තු ජාතික උද්‍යානයේ බටහිර දෙසට වන්නට සුලභව හමු වේ. ජාතික උද්‍යාන භුමිය පුරා ව්‍යාප්ත වී ඇති මෙම තෘණබිම් අතිතයේ විසු මිනිසුන් විසින් විනාශ කරන ලද වනාන්තර ප්‍රදේශවල සුලභව හමු වේ.

Inland Wetland Ecosystems

මිරිදිය තෙත්බිම් පරිසර පද්ධති

උද්‍යානය තුළ පිහිටි තෙත්බිම් එහි වසන ජීවීන්ගේ ජල අවශ්‍යතාව සපුරාලයි. තවද  උද්‍යානය  පුරා පැතිරෙන දීර්ඝ වියළි සමෙය් දී මෙය ඉතා වැදගත් වේ.   වැසි සමෙය්දී  ගංගා පිටාර ගැලීම නිසා වතුරට යටවන තැනිතලා  ප්‍රදේශ , වගුරුබිම් , වැව්, පොකුණු හා විල්ලු   වනසතුන් සඳහා  කදිම ජල ප්‍රභවයන් වේ. 

විල්පත්තු ජාතික උද්‍යානය පුරා ජාලයක්  මෙන් විහිදුණු දිය පහරවල් සමඟ වැව් සම්බන්ධ වේ.   ඇතැම් දිය පහරවල් මගින් වැවිවල සිට පිරිසිදු ජලය පිටතට රැගෙන යයි.  තෙත්බිම් ශාක ප්‍රජාව වැව් වටකරමින් පටියක් ආකාරයට දිස්වන අතර වියළි කාලය් දී පවා  මෙම   ශාක ප්‍රජාව දැකිය හැකිය. ඇතැම් තෙත්බිම්වල වසරේ එක් කලයකදී පමණක් ජලය රදා පවතින අතර ඇතැම්  තෙත්බිම්වල වසර පුරාම ජලය රඳා පවතී. මේ හේතුවෙන් තෙත්බිම්වල නිර්මාණය වු විවිධාකාර  ක්ෂුද්‍ර වාසස්ථාන හදුනා ගත හැකිය. මහවැව, මරදන්මඩු, පර්සිබැඳි වැව සහඅන්දරගොල්ලාව වැව් උද්‍යානය තුළ  හමුවන වැව්වලින් සමහරකි.

වෙරළබඩ පරිසර පද්ධති

විල්පත්තු ජාතික උද්‍යානයට කිලෝමීටර් 34 ක වෙරළ තීරයක් අයත් වේ. මෙය සංචාරකයන්ට අපූර්ව අත්දැකීමක් එක් කරයි. මෙම   පරිසරයේ දැකිය හැකි ප්‍රධානම ශාක ප්‍රජාව කඩොලාන වේ.  කලාඔය මෝය හි කඩොලාන වනාන්තර ඇත.  ශ්‍රී ලංකාවේ විශාල වපසරියක් පුරා සරුවට වැඩුණු කඩොලාන පරිසර පද්ධතිවලින් එකකි. මෙය ගං මෝයේ සිට  එනම් මුහුදු මට්ටෙම් සිට ගොඩබිම දෙසට කි.මී. 2 දුරට  ගංගාව දෙපස ව්‍යාප්ත වී ඇත. රතු පස් සහිත වෙරළ, වැලිපර හා ඒ ඔස්ස් දිවෙන මුහුදුමට්මේ සිට මීටර් 20ක් තරම් කඳු ගැටි  මෙම වෙරළ තීරයේ දැකිය හැකි ප්‍රධන ලක්ෂණ වේ. 

උද්‍යානයේ බටහිර ප්‍රෙද්ශෙය්  වෙරළබඩ ශාක ප්‍රජාව හමු වේ.  මෙහි භුමිය ක්‍රමිකව වෙරළ දෙසට බෑවුම් වී ඇත. වෙරෙළහි ව්‍යාප්තිය, එහි බෑවුම හා පොළෙවහි ඇති ස්ථායීතාවය මත සපුෂ්ප ශාකවල ව්‍යාප්තිය හා කුඩා වැලිපරවල ව්‍යාප්තිය රඳා පවතියි. වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශය එනම් නොගැඹුරු මුහුද හොඳ ධීවර අස්වැන්නක් ලබාදෙන ප්‍රදේශයකි. එමෙන්ම එම ප්‍රදේශය මුහුදු තෘණබිම් ද ව්‍යාප්තව ඇත. මුහුදු තෘණ, මුහුදු ඌරන්ගේ ප්‍රධාන ආහාරය වේ.

තොරතුරු බිඳක්

Shopping Basket
WNP

FREE
VIEW