උභයජීවීන්

හැඳින්වීම

උද්‍යානය තුළ ඇති තෙත්බිම් වාසස්ථාන හා සසඳන විට එහි වියළි ප්‍රදේශවල උභයජීවීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු වේ. මෙහි උභයජීවී විශේෂ 17ක් පමණ දක්නට ලැබෙන අතර එය දිවයිනේ සමස්ත උභය ජීවී ගහණයෙන් 15%ක් පමණ වේ. අතුකෝරාලගේ ගෙම්බා, සුලබ පහිඹු ගස්මැඩියා, සහ ශ්‍රී ලංකා දිය මැඬියා යනු උද්‍යානය තුළ හමුවන ආවේණික විශේෂ අතරින් විශේෂ තුනකි.

mugger-crocodile-in-wilpattu

එහෙත් උද්‍යානයේ උරග විශේෂ ව්‍යාප්තිය උභයජීවී විශේෂ ව්‍යාප්තියට හාත්සින්ම වෙනස් වේ. එනම් වියළි කලාපීය වාසස්ථානවලින් උරග විශේෂ සුලභව හමු වේ. කැස්බෑ විශේෂ, කිඹුලන් විශේෂ, සහ කටුස්සන් විශේෂ ඇතුළුව උරග විශේෂ 57ක් උද්‍යානයෙන් හමුවේ. දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උද්‍යානය තුළ කලාතුරකින් හමුවන බෝදිලිමා (Chameleo zeylanicus) විල්ලු ආශ්‍රිව ඇති පඳුරුවල හා පඳුරු වාසස්ථානවල දක්නට ලැබෙන විශේෂයකි. ශ්‍රී ලංකාවේ විශාලතම උරගයින් වන හැල කිඹුලා (Crocodylus palustris) සහ පිඹුරා (Python molurus) ද උද්‍යානයෙන් වාර්තා වේ.

විල්පත්තු ජාතික උද්‍යානයෙන්
හමුවන උරග විශේෂ

විල්පත්තු ජාතික උද්‍යනය එහි  වෙසෙන විවිධාකර වු විශේෂ සඳහා පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ උරග විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

විල්පත්තු ජාතික උද්‍යානයෙන්
හමුවන උරග විශේෂ

විල්පත්තු ජාතික උද්‍යනය එහි  වෙසෙන විවිධාකර වු විශේෂ සඳහා පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ උරග විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

Sharkhead Snakeskink (Nessia hickanala)

මෝර හිස් සර්ප හීරළුවා

(Nessia hickanala)

ශ්‍රි ලංකාවට ආවේණික වු මෙම දුර්ලභ හිකනලුන් විශේෂය විල්පත්තු ජාතික උද්‍යානය ඇතුළු වයඹ දිග වෙරළතීරයේ පමණක් හමුවේ. මෙම විශේෂය ගාත්‍රා රහිත වන අතර තද දුඹුරු කොරපොතු ඇත. මොවුන් මූලික වශයෙන් වියළි පොළොවෙහි සාදන ලද ගුල්වල වාසය කරති.

© Mendis Wickramasinghe

තම්බපණ්ණි වල්ගා ඇබයා

(Rhinophis dorsimaculatus)

මෙම සත්ත්ව විශේෂය විල්පත්තු ජාතික උද්‍යානයට අයත් වෙරළතීරයේ හා ඒ අවට වෙරළ තීරයේ පමණක් දක්නට ලැබේ. පොළොවෙහි සාදන ලද ගුල්වල වාසය කරන විෂ රහිත සර්පයෙකි. මොවුන්ගේ වලිගය කෙළවර කෙරටීන්වලින් ආවරණය වී ඇත.

මෙම සතුන් යූරෝපෙල්ටිඩේ (Uropeltidae) කුලයට අයත් වේ. එම වචනය සැකසී ඇත්තේ ග්‍රීක වචන දෙකක් වන “යූරා” සහ “පෙල්ටේ” එක්වීමෙනි. “යූරා” යන වචනෙයන් වලිගය යන්නත් “පෙල්ටේ” යන වචනයෙන් පලිහ යන්නත් අදහස් කරයි.

Chameleon-in-wnp

බෝදිලිමා

(Chamaeleo zeylanicus)

බෝදිලිමා ශ්‍රි ලංකාවේ  දුර්ලභ විශේෂයකි. එහෙත්  විල්පත්තු ජාතික උද්‍යානයේ පඳුරු සහිත වනාන්තරවල සුලභව දැකිය  හැක. එයට හේතු වී ඇත්තේ එහි ඇති පරිසරයට උන් ප්‍රිය කිරීමත් එම පරිසරවල ඇති පරිසර සාධක උන්ගේ පැවැත්මට ඉතාම හිතකර වීමත් නිසාය.  මෙම අපුරු සත්වයාට  උගේ දෑස් එකවර භ්‍රමණය කර අංශක 360 ක් පුරා  දර්ශන පථයක ඇති දුරකට නාභිගත  කළ හැකිය.

එනම් තමා අවට ඇති ඕනෑම වස්තුවත්  හොඳින් නිරීක්ෂණය කළ හැකිය. මොවුන් සෙමෙන් ගමන් කරන සතුන් වුවත් ගොදුරු ලෙස  කුඩා අපෘෂ්ඨවංශීන් අල්ලා ගැනීම සඳහා උගේ දිව විදුලියක් මෙන් වේගයෙන් විහිදිය හැකිය. මෙය මිනිස් ඇසට වඩා වේගයෙන් සිදුවන්නකි.

Haly's Treeskink (Dasia halianus)

හේලිගේ රුක්හීරළුවා

(Dasia halianus)

හේලිගේ රුක් හීරළුවා යනු සිත් ඇදන්නා සුළු අලංකාර හිකනල් විශේෂ අතරින් එකකි. මෙම විශේෂය මෙරටට ආවේණික වන අතර රුක්වාසී විශේෂයකි. මොවුන්   ශ්‍රී ලංකාව තුළ කලාතුරකින් හමුවන  විශේෂයක් වුවත්  විල්පත්තු ජාතික උද්‍යානය තුළදී සුලභව දැකිය හැකිය. තවද මෙරට වාසය කරන  එකම රුක්වාසී  හිකනල් විශේෂය ද වේ.

කොට පිඹුරා
හෙවත්
වැලි පිඹුරා

(Gongylophis conica)

වැලිපිඹුරා ප්‍රධාන වශයෙන් ශ්‍රි ලංකාවේ ශුෂ්ක, අර්ධශුෂ්ක හා වියළි කලාපයේ දක්නට ලැබෙන විශේෂයකි. ස්වභාවෙයන්ම ඌ සෙමෙන් ගමන් කරන සත්වයෙකු වන අතර ප්‍රමාණයෙන් කුඩා ද වේ. උද්‍යානය තුළ සුලභව හමු වුවත්  දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඉතා කලාතුරකින් හමුවේ. තවද  විෂ රහිත  සර්ප විශේෂයක් වන මොවුන්  ගොදුර අල්ලා වෙලා හුස්ම හිර‍කිරීමෙන් ගොදුර අඩපණ කරති.

තොරතුරු බිදක්

mugger croc large
Shopping Basket
WNP

FREE
VIEW