සමනලුන්

හැඳින්වීම

වර්ණවත් හා සිත් ගන්නාසුළු සමනළ විශේෂ ගණනාවක් විල්පත්තු ජාතික උද්‍යානය සතුව ඇත. මෙරට වාසය කරන ප්‍රමාණයෙන් විශාලතම සමනළ විශේෂය මෙන්ම ප්‍රමාණයෙන් කුඩාම සමනල විශේෂය ද විල්පත්තු ජාතික උද්‍යානය තුළ ජීවත් වෙයි. බොහෝ සමනලයින් ඔවුන්ගේ සංක්‍රමණ මාර්ගය උද්‍යානයේ උතුරු දෙසින් ආරම්භ කරයි. තවද වසරේ නොවැම්බර් සිට එළඹෙන වසරේ පෙබරවාරි දක්වා කාලසීමාවේදී තෙත්වැලි සහිත ස්ථානවල එනම් මඩ කඩිතිවල සමනලුන් විශාල වශෙයන් එක්රැස් වී සිටිනු දක්නට ලැබේ. ඔවුන් මෙම ස්ථානවලින් ඔවුනට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ලවණ ලබා ගනියි.

crimson-rose-butterfly

දිවයින පුරා පවතින දේශගුණය, භූ ලක්ෂණ සහ වෘක්ෂලතා ආකාර සමනලුන්ගේ ව්‍යාප්තිය පාලනය කරන ප්‍රධාන සාධක බවට පත් වී ඇත. බොහෝ සමනල විශේෂ ලංකාව පුරාම ව්‍යාප්ත සිටිනු දක්නට ලැබේ. එහෙත් ඇතැම් විශේෂ ජෛව-දේශගුණික කලාප කිහිපයක පමණක් දක්නට ලැබෙන අතර සමහර විශේෂ එක් කලාපයකට පමණක්  සීමා වී ඇත.

විල්පත්තු ජාතික උද්‍යානයෙන්
හමුවන සමනල විශේෂ

විල්පත්තු ජාතික උද්‍යානය එහි  වෙසෙන විවිධාකර වු විශේෂ සඳහා පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ සමනල  විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

විල්පත්තු ජාතික උද්‍යානයෙන්
හමුවන සමනල විශේෂ

විල්පත්තු ජාතික උද්‍යානය එහි  වෙසෙන විවිධාකර වු විශේෂ සඳහා පහසුකම් සපයයි.

උද්‍යානයේ හමුවන ප්‍රමුඛ සමනල  විශේෂ 5 පිළිබඳව තවදුරටත් සොයා බලන්න.

පීත පංසයා

(Junonia hierta)

මෙම සමනළ විශේෂය  පියාපත් විහිදා සිටින විට පියාපත් දෙකෙළවර අතර දුර මි.මී. 42-45 වේ. තවද මොවුන් උද්‍යානය තුළ දී කලාතුරකින් දැකිය හැකිය. පීතපන්සයා සංක්‍රමණික සමනළ විශේෂයක් වන අතර පුත්තලම සිට යාපනය දක්වා වෙරළ තීරයේ වාසය කරයි. මෙම විශේෂය සමාන වෙනත් විශේෂයක්‍ මෙරටින් වාර්තා වී නොමැත. තවද කටුකරඬු (Barleria prionitis) සහ Dyschoriste litoralis මෙම දුර්ලභ සමනළ විශේෂයේ ධාරක ශාක වේ.

මහ රෝස සුදනා

(Colotis fausta)

මහ රෝස සුදනා උද්‍යානය තුළ දී කලාතුරකින් දැකිය හැකි සමනළ විශේෂයක් වන අතර පියාපත් විහිදා සිටින විට පියාපත් දෙකෙළවර අතර දුර මි.මී. 40-48 වේ. මොවුන් ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ සහ උතුරු කොටසේ දි හමුවේ. මහ රෝස සුදනා උණුසුම් වේලාවන්හි දී ක්‍රියාකාරී වේ.

මෙම සමනළ විශේෂයේ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම පියාපත් අඩවන්ව විහිදමින් පියාපත් මතට පතිත වන හිරුඑළිය අවශෝෂණය වීමට වඩා පරාවර්තනය වීමට ඉඩ සලසනු දක්නට ලැබේ. මෙමඟින් ඔවුන් දේහ උෂ්ණත්ව යාමනය සිදුකරයි. මොවුන්ගේ ප්‍රධාන ධාරක ශාකය වන්නේ භූමිචක්‍ර (Maerua arenaria) ශාකයයි. මෙම විශේෂයට සමාන වෙනත් විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැත.

පුංචි නීලයා

(Azanus ubaldus)

පුංචි නිලයා දුර්ලභ සමනල විශේෂයක් වන අතර ශ්‍රි ලංකාවේ උතුරු ප්‍රදේශය් පහත රට වියළි කලාපයේ හමුවේ. මෙම සමනළ විශේෂය  පියාපත් විහිදා සිටින විට පියාපත් දෙකෙළවර අතර දුර මි.මී. 21- 24 වේ. මෙම සමනල විශේෂය කුඩා පඳුරු අතර වේගයෙන් පියාසර කර  එහි වසා සිටියි  මොවුන්ගේ ධාරක ශාකය වන්නේ කටුකිහිරි (Acacia nilotica) වන අතර ලපටි කරටි සහ මල්වලින් පෝෂණය ලබාගනිති. මෙම සමනල විශේෂයට සමාන විශේෂයක් වන්නේ රටනිලයා (Azanus jesous) ය.

Crimson Tip (Colotis danae)

රතු තුඩු සුද්දා

(Colotis danae)

මෙම සමනළ විශේෂය  පියාපත් විහිදා සිටින විට පියාපත් දෙකෙළවර අතර දුර මි.මී. 40 -50 වන අතර උද්‍යානය තුළ දී දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. පුත්තලම සිට යාපනය දක්වා අර්ධ ශුෂ්ක  කලාපෙය් වෙරළ  තීරයේ පමණක් මොවුන් දක්නට ලැබෙන අතර දවසේ උණුසුම් වේලාවන්හිදී ක්‍රියාකාරී වේ. මෙම සමනලුන්ට විවිධාකාර වූ ධාරක ශාක ඇත. වරා (Cadaba indica), රිලාකටු (Capapris sepiaria) සහ තවත් Capparaceae කුලයට අයත් ශාක ඒ අතර වේ.

කවටයා

(Byblia ilithyia)

මෙම සමනල  විශේෂය  පහත රට  වියළි කලාපයේ දක්නට ලැබෙන  අතර  ප්‍රධාන වශෙයන් පුත්තලම සිට යාපනය දක්වා වෙරළ  තීරයේ  මොවුන් දක්නට ලැබේ. මොවුන්‍ මෙම සමනළ විශේෂය  පියාපත් විහිදා සිටින විට පියාපත් දෙකෙළවර අතර දුර මි.මී. 50 - 56 වේ. තවද මොවුන්‍ වේගයෙන් පියාසර කරන සමනළ විශේෂයකි. 

මොවුන් වේගවත්ව පියාසරණයේ යෙදෙන සමනළ විශේෂයක් වන අතර   කලබල වු විට ප්‍රතිචාරයක් ලෙස  බූමරංගයක් මෙන්  පියාසැරි රටාවක් පෙන්වයි. වෙල් කහඹිලියා (Tragia plukenetii) ශාකය මොවුන්ගේ ධාරක ශාකය ලෙස ක්‍රියා කරයි

තොරතුරු බිදක්

crimson-tip-butterfly
Shopping Basket
WNP

FREE
VIEW