භූ විද්‍යාව

හැඳින්වීම

විල්පත්තු ප්‍රදේශයට අයත් භූමිභාගය ප්‍රධාන වශයෙන් අවසාදිත පාෂාණ සහ පස් තට්ටු අනුක්‍රමයකට පිහිටීම මගින් ගොඩනැගී ඇත. නමුත් එය මතුපිටින් දර්ශනය නොවේ. එහෙත් එය කුදිරමලෛ තුඩුවෙහි දක්නට ලැබෙන බෑවුමෙහි හරස්කඩක් ලෙස නිරීක්ෂණය කළ හැකිය.

කුදිරමලෛ තුඩුව මෙම ප්‍රදේශයේ භූ විද්‍යාත්මක වශයෙන් ඇති වැදත්කම පැහැදිලි කිරීම සඳහා ඇති ඉතා වැදගත් ස්ථානයකි. උද්‍යානය තුළට යන විට පාෂාණවල ලක්ෂණ යාපනය හුණුගල් සිට සුපර් ක්‍රිස්ටල් (supercrystal) පාෂාණවල සංකීර්ණ සම්පිණ්ඩනයක් වූ විජයානු ශ්‍රේණිය දක්වා වෙනස් වේ. එයට ස්ඵටික රූපී හුණුගල් සහ ග්‍රැනයිට් පාෂාණ ඇතුළත් වේ.

Inland Wetland Ecosystems

මැටි ඇතුළු අනෙකුත් පාංශු ආකාර  ප්‍රධාන ගංගා පද්ධති සහ ඒවායේ අතු ගංගා ආශ්‍රිතව දක්නට ලැබේ.  සිත්ගන්නා සුළු භූ විද්‍යාත්මක  සැකසුම් කිහිපයක් පහත විස්තර  කර ඇත.

විල්පත්තු ජාතික උද්‍යානයේ භූ විද්‍යාත්මක තොරතුරු

විල්පත්තු ජාතික උද්‍යානයේ
භූ විද්‍යාත්මක තොරතුරු

ගුරු පොළොව

විල්පත්තු ප්‍රදේශයේ මතුපිට පස් තට්ටුවෙන් 80%ක් පමණ ආවරණය කරනු ලබන්නේ රතුපැහැයට හුරු දුඹුරු පැහැති පසයි. මෙය මෙම ප්‍රදේශයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එයින් 30%ක් පමණ මැටි හා රොන්මඩ සහිත ඉතා සිනිඳු වැලිවලින් සමන්විත වන අතර එය සමුද්‍රීය හා වායව (සුළංහැමුම්) ක්‍රියාවලීන්ගෙන් සැකසුනක් ලෙස ද අර්ථ දැක්වේ.

මේ අයුරින් රතු පැහැයෙන් දිස් වීම නිසා ශ්‍රී ලංකාවට අතීතයේදී “තම්බපණ්ණි” යන නාමය ලැබී ඇත. එහි අර්ථය “තඹ පැහැති පොළොව” යන්නයි.

වැලිගල්

කුදිරමලෛ තුඩුවෙහි මතුපිට රතු පසට යටින් තද රතු පැහැති අක්‍රමවත් හෝ කේතුකාකාර හැඩැති වැලිගල් දක්නට ලැබේ.  මෙය අවසාදිත පාෂාණ වර්ගයකි.  වටකුරු වැලි අංශු කැල්සීකෘත මැටි මඟින් එකිනෙකට බැඳී වැලි ගල් සෑදී ඇත.

හුණුගල්

හුණුගල්  යනු කුදිරමලෛ තුඩුවෙහි දක්නට ලැබෙන අවසාදිත පාෂාණ වර්ගයකි. මේවා  වැලිගල් තට්ටුවට පහළින්  පිහිටා ඇත. මෙය ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට් හා දෙපියන් බෙල්ලන් ඇතුළු  මුහුදු මෘද්වංශීන්ගේ පොසිලවලින් සමන්විත වේ. හුණුගල් අදින් මිලියන 23 කට පමණ පෙර එනම් මෙයෝසීන යුගයේ මුහුදු ජීවීන්ගෙන් සෑදුනු බවට අර්ථ දක්වා ඇත.

Inland Wetland Ecosystems

“විල්ලු”

සුලභව හමුවන විල්ලුවලින් මෙම ප්‍රදේශයන් සෑදී ඇති බැවින්  එයට විල්පත්තු යන නම ලැබී ඇත.   විල්පත්තු උද්‍යානය පුරා විල්ලු කිහිපයක් විසිරී ඇති අතර ඒවායේ අර්ධ වශයෙන් ජලය පිරී ඇත. මේවා “බේසම් කුහර” ලෙස ද  හුණුගල්වලට  යටින් වු කුහර බිඳවැටීම් නිසා ඇති වූවක්  ලෙස ද විස්තර කර ඇත.

ප්‍රාග්කේම්බ්‍රීය මූලපාෂාණ

විල්පත්තුවේ බොහෝ ප්‍රදේශ අවසාදිත පාෂාණවලින් වැසී තිබුණ ද, ස්ථාන කිහිපයකින් ප්‍රාග්කේම්බ්‍රීය යුගයේ (මීට වසර මිලියන 550 කට පමණ පෙර) බිම් ස්ථර පාෂාණ නිරාවරණය වී ඇත. තවද   කොක්මොටේ ප්‍රදේශයේ දී  මෝදරගම්ආරු ගංගා පතුල  Granitic gneiss rocks මතු වූ එවන් ස්ථානයකි.

තොරතුරු බිදක්

Shopping Basket
WNP

FREE
VIEW