පරිසරය

හැඳින්වීම

විල්පත්තුව ජාතික උද්‍යානය  පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති අතර මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබේ. මෙම උද්‍යානය උතුරින් මෝදරගම්  ආරු සහ අරවි ආරු මඟින් ද දකුණින් කලා ඔයෙන් ද බටහිරින් පෘතුගාල හා ලන්දේසි බොක්කෙන් මෙන්ම මහා සාගරෙයන්ද උතුරු මායිමවිල්පත්තු බටහිර අභය භූමියෙන්ද හා  හෙක්ටයාර 40,000ක භුමිභාගයකින් සමන්විත මාවිල්ලු සංරක්ෂණ වනාන්තරෙයන් ද මායිම් වේ. තවද හෙක්ටයාර් 21,933ක වපසරියකින් යුත් තබ්බෝව අභයභූමිය එහි දකුණු මායිමට යාව ඇත.

dirt-road-in-wilpattu-sri-lanka

විල්පත්තු ජාතික උද්‍යානය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් සහ පතනශීලී කටුපඳුරු සහිත වනාන්තර වලින් වැසී ඇති අතර, විවෘත තැනිතලා සහ වැලිපර හෝ වැලි සහිත තැනිතලාවලින් වට වූ වසර පුරාම වතුර රැදී පවතින හෝ වර්ෂෙය් එක් කාලයකදී පමණක් වතුර රඳන   “විල්ලු” නමින් හැඳින්වෙන විල් 40කින් පමණ  සමන්විත වේ. 

විල්ලුවක් යනු සාමාන්‍යයෙන් ජලය ඇතුල්වීමක් හෝ පිටවීමක් නොමැති වැසිජලය එක් රැස්වූ නොගැඹුරු අවපාතයන්ය. “විල් වලින් පිරි භූමිය” යන්න අරුත් ගැන්වෙන  පරිදි විල්පත්තුවට එම නම ලැබී ඇත්තේ  ඒ නිසාය. විල්ලුවක්  හෙක්ටයාර 10 සිට 160 දක්වා වපසරියක ව්‍යාප්ත වන අතර  මිරිදිය (උදා: කුඹුක්විල), කිවුල්දිය (උදා: කාලිවිල්ලුව) හෝ කරදිය  (කොක්කරිවිල්ලුව) එහි අඩංගු විය හැකිය. විල්ලු ප්‍රධාන වශයෙන් ජාතික උද්‍යානයේ මධ්‍යම හා වයඹදිග ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒ ආශ්‍රිතව විවිධාකාර ශාක හා සත්ව ප්‍රජාවකට  වාසස්ථාන සපයයි. 2013 දී විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි මායිම් වූ මුහුදු ද වෙරෙළන් ඔබ්බට   කිලෝමීටර් 10ක් වු ප්‍රදේශයේ ඇති දුපත් ද  මහාවිලච්චියවැව ද රැම්සාර් සම්මුතිය යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාපයවල දේශගුණයට සමාන දේශගුණයක් උද්‍යානය තුළ ඇත. තෙත් (මෝසම) සමය සහ වියළි කාලයන් මාරුවෙන් මාරුවට නිරන්තරව ඇතිවේ.

  • උන්නතාංශය – මුහුදු මට්ටමේ සිට මීටර් 240 දක්වා
  • මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය – 27.2ºC
  • සාපේක්ෂ ආද්‍රතාවෙය් සාමාන්‍ය – 85%
  • වාර්ෂික වර්ෂාපතනය (ආසන්න වශයෙන්)- 1,000mm
  • වැසි සමය
    • ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා (අධික ලෙස මෝසම් වැසි ලැබේ.)
    • මාර්තු සිට මැයි දක්වා (අන්තර් මෝසම් වැසි සුළු වශෙයන් ලැබෙයි.)
  • වියළි කාලය – මැයි සිට සැප්තැම්බර් දක්වා (දැඩි නියං කාලයක් පවතී)
WILPATTU-Leopard-Environment-rx

උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 240 දක්වා පරාසයක පවතී

වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මි.මී. 1,000 කි.

වැසි කාලය: ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අධික මෝසම් වැසි සහ මාර්තු සිට මැයි දක්වා අඩු අන්තර් මෝසම් වැසි.

වියළි කාලය: මැයි සිට සැප්තැම්බර් දක්වා පවතින නියං කාලය.

ජීව විද්‍යාත්මක සරුබව

(ජෛව විද්‍යාත්මක සශ්‍රීකත්වය)

වාර්තා වී ඇති සත්ත්ව විශේෂ:

  • මිරිදිය මත්ස්‍ය විශේෂ 29ක්
  • උභය ජීවී විශේෂ 17ක්
  • උරග විශේෂ 56ක්
  • කුරුල්ලන් විශේෂ 149ක්
  • භෞමීය ක්ෂීරපායී විශේෂ 41ක්
  • සමනලුන් විශේෂ 86ක්

විල්පත්තු ජාතික උද්‍යානෙය් මුළු භූමි භාගෙයන් 70% ක් පමණ පසෙහි ඇති ලාක්ෂණික ගතිගුණවලට අනුව නිර්මාණය වු විවිධ උස් මට්ටම්වලින් යුක් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් හා කටුපදුරු සහිත පතනශීලී වනන්තරවලින් සමන්විත වේ. තවද උද්‍යානය තුළ දක්නට ලැබෙන කුඩා තෘණ භුමි විල්ලු වටකරමින් පිහිටා ඇති අතර එ්වා වැසි සමෙය්දී ගං වතුරට යට වේ.

මෙම උද්‍යානය තුළ ශාක කුලය 123කට අයත් සපුෂ්ප ශාක විශේෂ 623ක් වාර්තා වී ඇති අතර විශාල පළු ගස් (Manilkara hexandra) සහ වීර (Drypetes sepiaria) වනය තුළ කැපී පෙනේ. වසර පුරාම ජලය ගලා යන ගංගා ද වසෙර් එක් කාලයක් පමණක් ජලය රැඳ‍ෙන ගංගා හා ඒවායේ අතුගංගා ද අවුරුදු 2,000ක් පමණ පැරණි වැව් ද වෙරළතීරයේ ඔබ්බට වන්නට පිහිටි කරදිය වගුරු හා ලඳුකැලෑ ද ඇත.

කලාඔය මෝය ආශ්‍රිතව පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන පරිසර පද්ධතිවලින් එකක් අතර එය මිනිස් ක්‍රියාකාරකම්වලට ලක් නොවූ පරිසර පද්ධතියකි. නොගැඹුරු මුහුද ඉතා ඉහළ ආහාර නිශ්පාදනයක් පෙන්නුම් කරන නිසා එ් මත යැපෙන මසුන් ඇතුළු මුහුදු ජීවීන් එම පරිසරෙය් සුලභ වේ. එම නිසා ධීවර කටයුතුවල නියැලෙන්නන්ට මෙය කදිම ප්‍රදේශයක් වන අතර ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වූ මුහුදු ඌරන් (Dugong dugon) නොගැඹුරු මුහුදේ සරුවට වැඩුණු මුහුදු තෘණ භූමි මත යැපෙයි.

2003-4 කාලපරිච්ඡේදෙය් සිදු කරන ලද සමීක්ෂණයකින් උද්‍යානය තුළ කුල 101කට අයත් සත්ත්ව විශේෂ 284ක් වාර්තා වී ඇත. ඉන් 21ක් මෙරටට ආවේණික විශේෂයන් වන අතර දේශීය වශයෙන් වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂ 30ක් මේ අතර විය. එ් අනුව පක්ෂීන් සුලභම පෘෂ්ඨවංශී කාණ්ඩය වන අතර ප්‍රතිශතයක් ලෙස සළකා බැලීමේදී එය 39% කි. උභය ජීවීන් විරලම පෘෂ්ඨවංශී කාණ්ඩය වන අතර එය (4%)කි.

ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක් වූ විශාල ක්ෂීරපායින්ගේ මෙරටට ආවේණික වූ උප විශේෂයන්ට අයත් වාසස්ථානයක් ලෙස මෙම උද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි.  කොටියා (Panthera pardus kotiya), වලසා (Melursus ursinus inornatus) සහ අලියා (Elephas maximus maximus). තවද තිත් මුවන් (Axis axis) රංචු වශයෙන්උදයානය පුරා දැකගත හැකි අතර හැලකිඹුලා (Crocodylus palustris) වඩාත් කැපීපෙනෙන උරගයාවේ. ගෝලීය වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වූ මුහුදු ඌරන් (Dugong dugong), ඉන්දු-ශාන්තිකර හම්ප්බැක් ඩොල්ෆින් (Sousa chinensis) සහ මුහුදු කැස්බෑවුන් (බටුකැස්බෑවා – Lepidochelys olivacea සහ ගල්කැස්බෑවා – Chelonia mydas) නොගැඹුරු මුහුදෙන් වාර්තා වී ඇත.

පහත දැක්වෙන ආවේණික පක්ෂි විශේෂයන් උද්‍යානය සහ ඒඅවට ප්‍රදේශයෙන් නිරීක්ෂණය කළ හැකිය: ශ්‍රී ලංකා වළිකුකුළා (Gallus lafayetii), පිටදම් බටෙගායා (Treron pompadora), ශ්‍රී ලංකා අළු කෑඳැත්තා (Ocyceros gingalensis), කළු ඉසැසි කොණ්ඩයා (Pycnonotus melanicterus), ශ්‍රී ලංකා බොරග පිරිදෙමලිච්චා (Pellorneum fuscocapillus), ශ්‍රී ලංකා ගිරාමලිත්තා (Loriculus beryllinus), මල්කොට්ටෝරුවා (Megalaima rubricapillus), ලේ-පිටමහකෑරළා (Chrysocolaptes stricklandi), නිතඹ රත්  වැහිළිහිණියා (Hirundo hyperythra), සහ වන-කොවුල්ඇස්-පටියා (Tephrodornis affinis)