කළමනාකරණ
සැලැස්ම

 2019-2024 සඳහා කළමණාකරණ සැලසුම් දැක්ම:

“වර්තමාන හා අනාගත පරපුර උෙදසා   විල්පත්තු ජාතික උද්‍යානයේ ජෛවවිවිධත්වය හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම”

හැඳින්වීම

විල්පත්තු ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුළ පිහිටි අනෙකුත් රක්ෂිත ප්‍රදේශයන් මෙන්ම බොහෝ තර්ජන හා අභියෝගයන්ට මුහුණ දෙයි. නීතිවිරෝධී ලෙස ඉඩම් අත්පත්කර ගැනීම, ශාක හා ඒවායේ කොටස් එක්රැස් කිරීම, වනසතුන් දඩයම් කිරීම, පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදු කිරීම, ආක්‍රමණශීලී විශේෂවල පැතිරීම, සමුද්‍රීය පරිසර පද්ධති විනාශ විම (හායනය) සහ ප්‍රජාව හා වනජීවීන් අතර ගැටුම් ඇති වීම ඉන් කිහිපයකි.

ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධ නිසා වසර 20කට වැඩි කාලයක් සංචාරකයින් සඳහා උද්‍යානය විවෘත නොකරන ලදී. එය 2010 වසෙර් පෙබරවාරි මාසයේදී සංචාරකයින් සඳහා විවෘත කර නැවතත් සංචාරක ආකර්ෂණ දිනාගන්නා ප්‍රමුඛ ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. තවද මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඇති හැකියාව තුළින් පරිසර සංරක්ෂණය හා ග්‍රාමීය ප්‍රජාවෙග් ආර්ථික තත්වය නංවාලීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය හැකි ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන ඇත.

2017 වසෙර් දී ජර්මානු රජය විසින් විල්පත්තු ජාතික උද්‍යානය සහ එහි ප්‍රේරණ කලාපය කළමනාකරණ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ සඳහා මුල්‍ය ආධාර ජර්මානු රජය විසින් සපයන ලදි. ‘ප්‍රේරණ කලාපය’ යන්නෙන් අදහස් කරන්නේ 34,000 ක ජනතාවක් ජීවත් වන උද්‍යානය යාබඳව පිහිටි ගම්මාන ලෙස හදුන්වනු ලබන ප්‍රදේශ හා අනෙකුත් රක්ෂිත ප්‍රදේශයන්ය.

2019 – 2024 කාලවකවානුව සඳහා විල්පත්තු ජාතික උද්‍යානයට පිළියෙළ කරන ලද කළමනාකරණ සැලැස්මේ අරමුණු සමුහයක් ඇත. එනම් ප්‍රේරණ කලාපෙයහි වෙසන ජනතාවෙගන් උද්‍යානය වෙත එල්ලවන අහිතකර බලපෑම් අවම කර ජෛව විවිධත්වෙය් නොයිඳුල් බිමක් ලෙස පවත්වා ගැනීම. ඒ අතරතුර වනසතුන්ගේ වාසස්ථාන හා ජෛව විවිධත්වයට සිදු වී ඇති හානි වලක්වා එය යථා තත්වයට පත් කර ගැනීම සඳහා උද්‍යානය පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීමයි.

මෙම කළමනාකරණ සැලසුම මඟින් වනජිවීන්ගේ පැවත්ම තහවුරු කිරීමත් ඒ අවට ප්‍රජාවගේ ජීවන තත්වය යහපත් කිරීමටත් සැලසුම් කර ඇත. ඒ සඳහා වනසතුන් හා මායිම් ගම්මානවල ජීවත් වන ප්‍රජාව අතර පවතින ඝට්ටනය අවම කීරීමටත් ඔවුනට පරිසරයට හානිදායක නොවූ ජීවනෝපායන් හඳුන්වා දෙමින් ඒ සඳහා උනන්දු කරවීමත් සිදු කරනු ලබයි.

Leopard-on-Branch

කළමනාකරණ සැලැස්මේ අපේක්ෂාවන්

long-beaked-bird
  1. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, තෙත්බිම් පිළිබඳ සම්මුතිය, සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතිය ,ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ නිශ්චිතව දක්වා ඇති පරිදි පාරිසරික ලක්ෂණ සංරක්ෂණය සඳහා පරිසර පද්ධති ආරක්ෂා කිරීම හා එහි ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගෙන යාම .
  2. වනජීවී වාස්ථාන හා විශේෂයන් ආරක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුනට වාසිදායක වන අයුරින් මෙම කළමනකරණ සැලසුම් යොදා ගැනීම
  3. උද්‍යාන පරිධියට වන්නට පිහිටි ප්‍රෙද්ශෙය් වාස්ථාන හායනය වීම නිසා අවතැන්වන වනජීවීන්ට සුදුසු වාසස්ථානයක් වීම
  4. ආක්‍රමණශීලී ශාක විශේෂවල ව්‍යාප්තිය පාලනය කිරීම හෝ තුරන් කිරීම.
  5. පාරිසරික විද්‍යාව හා ජිවි විශේෂයන් අධික්ණය කිරීම හා විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කිරීම.
  6. විල්පත්තු ජාතික උද්‍යානය සහ ඒ අවට රක්ෂිත ප්‍රදේශ අතර වන සතුන්ගේ සංක්‍රමණයන් පහසු වන පරිදි ප්‍රේරණ කලාපයේ නව කළමනාකරණ කලාප ඇති කිරීම හා පවත්වාගෙන යාම .
  7. ජෛව විවිධත්ව සංරක්ෂණයට හා සෞන්දර්යාත්මක මූලධර්ම වලට අනිසි බලපෑම් ඇති නොවන පරිදි සංචාරක කටයුතු නංවාලීම.
  8. රසාස්වාදය සඳහා උද්‍යානයට ඌණපුරණයක් ලෙස ප්‍රේරණ කලාපය යොදා ගැනීම
  9. උද්‍යනය හා ප්‍රේරණ කලාපය සතුව ඇති ජෛව විවිධත්ව වටිනාකම මතු කරමින් අවට ප්‍රජාවට හා සංචාරකයින්ට තොරතුරු ලබා දීම.

10. උද්‍යාන කාර්යය මණ්ඩලයට කළමනාකරණ සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි උද්‍යාන පරිපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම.

11. ප්‍රේරණ කලාපයේ ජෛව විවිධත්ව වටිනාකම් දිගුකාලීනව ආරක්ෂා කිරීම සහ ආර්ථික විභවය නිසි පරිදි අවබෝධ කර ගැනීම සඳහා පදිංචිකරුවන් සහ ව්‍යාපාරකයින් කළමනාකරණය සමග ක්‍රියාශීලීව සම්බන්ධවීම.

12. අලි මිනිස් ගැටුම වැනි වර්ථමානයේ පවතින ගැටළු අවම කර ගැනීම සඳහා ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම.

13. භුමි පරිභෝජන රටා අනුව පරිසරයට සිදුවන බලපෑම් පරීක්ෂාකර අධීක්ෂණය කරන වැඩසටහන්වලට ප්‍රජාව සම්බන්ධ කර ගැනීම

14. ප්‍රජා සහභාගීත්වය සහ සංරක්ෂණ වටිනාකම්වලට සහය ලබා දෙන ආකාරයේ, ඊට ගැලපෙන පරිදි ප්‍රජවගේ ජීවන තත්වය නංවාලීමේ ක්‍රියාකාරකම් ව්‍යාප්ති වැඩසටහන් මඟින් ප්‍රවර්ධනය කිරීම.

Shopping Basket
WNP

FREE
VIEW