උද්‍යාන කළමනාකරණය සඳහා මහඟු මෙහෙවරක නිරත ඔබට මුණ නොගැසෙන, උද්‍යාන භාරකරු, අඩවි ආරක්ෂක නිලධාරීන්, නියාමකවරුන් , බංගලා භාරකරුවන් හා ස්වේච්ඡා මාර්ගෝපෙද්ශකයන් හඳුනා ගන්න.
විල්පත්තු ජාතික උද්‍යානය ජීව විද්‍යාත්මක සශ්‍රීකත්වයෙන් සුරැකි බිමක් බවට පත්කරන විරුවෝ ඔවුහු ය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය විල්පත්තුව ජාතික උද්‍යානයේ හුණුවිලගම පිහිටි උද්‍යාන මූලස්ථානයේ හා වැදගත් ස්ථානවල පිහිටි බීට්ටු කාර්යාලවල ස්ථාන ගත කර ඇත.
මෙලෙස සේවකයින් යොදවා ඇත්තේ වනජීවී අපරාධ මැඬලීම සඳහා ජංගම මුර සංචාර සිදු කිරීමට හා වෙනත් ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහා මෙන්ම උද්‍යානයේ යටිතල පහසුකම් මනාව පවත්වා ගැනීම සඳහා ය.