World Wildlife Day – 2026

ලෝක වනජීවී දිනය – 2026 මාර්තු 03

කාටූන් චිත්‍ර තරඟය

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

මෙවර ලෝක වනජීවී දිනය (2026.03.03) වෙනුවෙන් කාටූන් චිත්‍ර තරඟයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කර ඇත. එය පාසල් අංශය යටතේ වයස 18 දක්වා ඕනෑම වයස් පරාසයක අයෙකුට  මෙම තරගයට ඉදිරිපත් විය හැකිය. “වනජීවී සංරක්ෂණය මානවීය පැවැත්ම තහවුරු කරයි” යන තේමාව ඔස්සේ ඩිජිටල් මාධ්‍යයෙන් හෝ අතින් අඳින කාටූන් චිත්‍ර ලෙස ඕනෑම ආකාරයක නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

පහත දැක්වෙන පරිදි කාණ්ඩ 03ක් යටතේ තරඟය සඳහා ඉදිරිපත් විය හැකිය

පළමු කාණ්ඩය              –           6,7,8 ශ්‍රේණි

දෙවන කාණ්ඩය            –           9,10,11 ශ්‍රේණි

තුන්වන කාණ්ඩය          –           12,13 ශ්‍රේණි

ප්‍රථම ස්ථානය ලබා ගන්නා ජයග්‍රාහකයින්ට රු 25,000.00 ක් දෙවන ස්ථානය දිනා ගන්නා ජයග්‍රාහකයින්ට රු. 20,000.00 ක් තෙවන ස්ථානය දිනා ගන්නා ජයග්‍රාහකයින්ට රු.15,000.00 ක් හා සහතිකපත් ද කුසලතා දිනා ගන්නා ජයග්‍රාහකයින් දස දෙනෙක් සඳහා රු 5,000.00 බැගින් මුදල් ත්‍යාග හා සහතිකපත් ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඔබ විසින් වනජීවී කාටූන් චිත්‍ර තරගයට ඉදිරිපත් වන්නේ නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඔබ ඉගෙනුම ලබන පාසලේ පන්ති භාර ගුරු භවතා හෝ විදුහල්පතිගේ නිර්දේශ සහිතව 2025.11.31 ට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ wildlifeday2026@Gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

අයදුම්පත්‍ර නිවැරදිව සම්පූර්ණ කර අප වෙත යොමු කිරීමෙන් පසු අයදුම්කරුවන් සඳහා කාටූන් චිත්‍ර පිළිබඳව දැනුම අවබෝධය ලබාදෙන වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන ප්‍රවීන කාටූන් ශිල්පීන් විසින් මෙහෙයවීමට නියමිත වේ.  එම පුහුණුවට සහභාගි වන අයදුම්කරුවන් පමණක් තරඟයට ඉදිරිපත් කරනු ලැබේ.  පුහුණු වැඩසටහන කොළඹ ආශ්‍රිත ස්ථානයක දී පැවැත්වීමට නියමිත වන අතර එය පැවැත්වෙන දිනය සහ වේලාව පිළිබඳ තොරතුරු www.dwc.gov.lk / department of wildlife conservation  යන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ,face book හා මාධ්‍ය මගින් පසුව දැනුම් දෙනු ලැබේ. වැඩමුළුව පැවැත්වීමෙන් පසු අයදුම්කරුවන්ට චිත්‍ර නිර්මාණය කර wildlifeday2026@Gmail.com වෙත යොමු කළ යුතු වන අතර ක්ෂේත්‍රයේ ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් මගින් කාටූන් චිත්‍ර තෝරා ගැනීමට කටයුතු කෙරේ

මෙවර ලෝක වනජීවී දින ජාතික උත්සවය 2026.03.03 යාල ජාතික උද්‍යානයේ කලාප අංක 06 දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර එහිදී ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීමට නියමිත වේ. තරඟය පිළිබඳව තොරතුරු  විමසීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  0112-888585(ප්‍රචාරක ඒකකය) දිගු අංකය 683 භාවිතා කළ හැකිය

කාටූන් චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ට අදාළ නියමයන්

  1.  ˜වන ජීවීන්ගේ අනාගතය අපේ අතේ ˜ යන තේමාව යටතේ ඩිජිටල් කාටූන් චිත්‍රය හෝ අතින් නිර්මාණය කරන ලද කාටූන් චිත්‍රය 12 x 18ප්‍රමාණයෙන් ඉදිරිපත් කළ යුතු වේ.
  2. ඩිජිටල් තාක්ෂණයෙන් අඳිනු ලබන චිත්‍රයේ වර්ණ ගැන්වීමට පෙර අඳිනු ලබන චිත්‍රය ද අප වෙත එවිය යුතු වේ.
  3. මුල් නිර්මාණය ස්කෑන් කර හෝ වෘත්තීය මට්ටමේ කැමරාවකින් නයමිත ආකාරයකට පිටපත් කර ඉදිරිපත් කළ යුතුය.(දුර්වල කැමරා පිටපත් චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් නොකෙරේ) ඔබ විසින් ඉදිරිපත් කරන චිත්‍රයේ පිටපත උපරිම පළල පික්සල් 1920 කට සීමා කොට සකසා, JPG  ගොණුවක් ලෙසින් ඉදිරිපත් කළ යුතුය.

පොදු තරඟ කොන්දේසි

  1. මෙම තරඟයට ඉදිරිපත් විය හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණි.
  2. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ , Department of Wildlife Conservation “sri lanka යන නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඔබ විසින් නිර්මාණය කරන චිත්‍රය පහත දැක්වෙන ලිපිනයට හෝ wildlifeday2026@Gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
  3. මෙම කාටූන් චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ සඳහා Artificial intelligence තාක්ෂණය භාවිතා නොකළ යුතුය.
  4. අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණය සපුරා ම තම නිර්මාණයක් විය යුතුය. අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් උපුටාගත් කොටස් කිසිවක් එම නිර්මාණයට එකතු කර නොතිබිය යුතුය. එසේ කර ඇති බවට සනාථ වුවහොත් එම නිර්මාණ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  5. පාසල් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණය තම පන්තියේ ඉගෙනීම ලබන ශිෂ්‍ය /ශිෂ්‍යාවක් බවට විෂයය භාර/පන්ති භාර ගුරු භවතා විසින් තහවුරු කළ යුතුය.
  6.  එක් අයදුම්කරුවෙකුට එක් අංශයකින් පමණක් එක් නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.
  7. ජයග්‍රාහී නිර්මාණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර එහි අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. අන්වර්ථ නාමවලින් කිසිදු අයදුම්කරුවෙකුට තරඟයට ඉදිරිපත් විය නොහැක.
  8. තරඟයට ඉදිරිපත් වීම තරඟ කොන්දේසිවලට එකඟ වීමක් සේ සැළසෙන අතර ඉහත තරඟ කොන්දේසි කඩකරන ඕනෑම නිර්මාණයක් විනිශ්චයකින් තොරවම ඉවත් කිරීමේ අයිතිය විනිශ්චය මණ්ඩලය සතු වේ.
  9. මෙම තරඟ සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ නැතිවීම, හානි වීම, ප්‍රමාද වීම ,නිවැරදි උපදෙස්වලට අනුව හා නිවැරදි අවබෝධයක් නොමැතිව විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීම මගින් ඇතිවන ගැටළු සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලය වග කියනු නොලැබේ.
  10. ඉහත තරඟ කොන්දේසිවලට පටහැනිව ක්‍රියාකිරීම , අසම්පූර්ණ අයදුම්පත් එවීම හෝ ප්‍රමාද වී අයදුම් කිරීම ලැබෙන නිර්මාණ ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ.
  11. ඉහත තරඟ විනිශ්චය අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරන අතර එම විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

නිර්මාණ ඉදිරිපත් කිරී

  1. මෙම නිර්මාණ භාරගනු ලබන අවසන් දිනය 2026.01.31 දින වේ. එදින පැය 23.59න් පසු ලැබෙන නිර්මාණ භාරගනු නොලැබේ.
  2. ඔබ විසින් අප වෙත එවනු ලබන සියළු නිර්මාණය හා අයදුම්පත්‍රය ඊ-මේල් පණිවුඩයක් මගින් wildlifeday2026@Gmail.com  යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය. එසේ අප වෙත යොමු කරන ඊ-මේල් පණිවුඩයේ මාතෘකාව වශයෙන් වනජීවී නාට්‍ය තරඟය ද වනජීවී කාටූන් චිත්‍ර තරඟයද යන්න දැක්විය යුතුය. ඒ සඳහා පිළිතුරු පණිවුඩයක් ඊ-මේල් මගින් ආපසු දන්වනු ලබන අතර එසේ නොලැබුනහොත් පහතින් දක්වා ඇති දුරකථන අංක වෙතින් විමසීම් සිදු කළ හැකිය.
  3. තරඟය පිළිබඳව වැඩිදුර තොරතුරු  විමසීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  0112-2888585(ප්‍රචාරක ඒකකය) දිගු අංකය 683 භාවිතා කළ හැකිය

තැපෑලෙන් එවන නිර්මාණ පහත සඳහන් ලිපිනයට යොමු කළ හැකිය. ලිපි කවරයේ ඉහළ වම්පස තරඟයේ නම සඳහන් කළ යුතුය.

අධ්‍යක්ෂ ජනරාල්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,

අංක 811,A, ජයන්තිපුර පාර බත්තරමුල්ල.

—————————————————————————————————————-

සමස්ත ලංකා වනජීවී කෙටි  නාට්‍ය තරගාවලිය – 2026

ලෝක වනජීවි දිනය යෙදෙන 2026 මාර්තු මස 03 දිනට සමගාමිව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  සමස්ත ලංකා කෙටි නාට්‍ය තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

වනජීවීන් සුරැකිමේ අගය ඉස්මතු වන ආකාරය දැක්වෙන නාට්‍ය නිර්මාණ මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කිරිමේ හැකියාව ඇත.

  • තරග අංශය

                 කෙටි නාට්‍ය (විවෘත)

  • මාතෘකාවන්

අනාගත පරපුර වෙනුවෙන් වනජීවී සම්පත සුරැකීම, ජෛව විවිධත්වය තහවුරු කිරීම, පාරසරික සමතුලිතතවය පවත්වා ගැනිමේ වැදගත්කම, වනජීවී සංරක්ෂණ අභියෝග යන මාතෘකාවන් ඒකක් හෝ කීපයක් පිළිබිඹු වන ආකාරයේ නට්‍ය නිර්මාණයක් විය යුතුය.

  • තරග කොන්දේසි

3.1.           තරගය සදහා අත්පිටපත් කැදවිම දීපව්‍යාප්තව සිදු කරනු ලබන අතර,ඉදිරිපත් කරනු ලබන

අත්පිටපත් සමීක්ෂණ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වේදිකාගත කිරිම සදහා සුදුසු අත්පිටපත් වලින් ලකුණු ප්‍රමුඛතාවය මත සුදුසු කෙටි නාට්‍ය 10 ක් තෝරා ගනු ලැබේ.

3.2.          පසුතල නිර්මාණය,රංග වස්ත්‍ර නිර්මාණය, සංගීත නිර්මාණය,රංග වින්‍යාසය, වේදිකා පරිපාලනය,අංග රචනය,රංගනය සහ අධ්‍යක්ෂණය යන අංශ සදහා ලකුණු ලබාදිම සිදුකරනු ලැබේ.

3.3.          කාලය උපරිම විනාඩී 20 කි. අදාල කාලසීමාව ඉක්මවා යාම තරගයෙන් ඉවත්විමට හේතු වන

බැවින් ඒ පිිළිබද වැඩි අවධානයක් යොමු කරමින් නාට්‍ය ඉදිරිපත් කළ යුතුය.

3.4.      ඔබගේ නාට්‍ය පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසිවල තනි පැත්ත පමණක් භාවිතා කළයුතු අතර, පරිගණක පිටපත් 02 ක් 2025 දෙසැම්බර් මස 31 වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, 811/A, ජයන්තිපුර පාර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළයුතුය අතර ලියුම් කවරයේ වම් පස “ සමස්ත ලංකා වනජීවී කෙට් නාට්‍ය රගාවලිය 2026” ලෙස සටහන් කළ යුතුය.

——————————————————————————————————————–

3.5.      තරගය සදහා ඉදිරිපත් කරන කෙටි නාට්‍ය තුළින් ලබා දී ඇති මාතෘකාව ඉස්මතු වන හා ඒ් තුළින් සමාජයට යම් පණිවුඩයක් ලබාදිය හැකි නිර්මාණයක් විය යුතුය. අදාළ මාතෘකාවට අනුකූල නොවන නාට්‍ය පිටපත් තරගයෙන් ඉවත් කරනු ලැබේ.

3.6.      අත් පිටපත්  නිර්දේශ වු නාට්‍ය තරගය කොළඹ දී පවත්වනු ලබන අතර ඒ් සදහා සුදානම් විය යුතුය.(ඒ් සදහා නවාතැන් හෝ ගමන් වියදම් ලබා දෙනු නොලැබේ)  

3.7.      තරගාවලියෙන් ජයග්‍රහණය කරන නාට්‍ය ලෝක වන ජීවී දිනය යෙදෙන 2026 මර්තු 03  වන දින වේදිකා ගත කිරිමට ද ඒකග විය යුතුය.

4.0       කෙටි නාට්‍ය සදහා පිරිනමනු ලබන මුදල් තිළිණ හා සම්මාන

අනු අංකය  සම්මාන    තයාග මුදල් (රුපියල්)
4.1ප්‍රථම ස්ථානය150 000.00
4.2දෙවන ස්ථානය125 000.00
4.3තෙවන ස්ථානය100 000.00
4.4හොදම නළුවා10,000.00
4.5හොදම නිළිය10,000.00
4.6හොදම සහය නළුවා10,000.00
4.7හොදම සහය නිළිය10,000.00
4.8හොදම සංගීතය10,000.00
4.9හොදම අංග රචනය10,000.00
4.10හොදම රංග වස්ත්‍ර නිරිමාණය10,000.00
4.11හොදම පසුතල නිර්මාණය10,000.00

5.0 අයදුම් කිරීම

තරගය සදහා අත් පිටපත් ඉදිරිපත් කිරිමේ දී ඒය නාට්‍යයේ අධ්‍යක්ෂ විසින් ඉදිරිපත් කළ යුතු අතර පහත දැක්වෙන ආකාරයට ඉදිරිපත් කළ යුතුවේ

5.1.      සෑම කෙටි නාට්‍ය පිටපතක්ම පිටපත් 02 කින් ලබාදිම අනිවාර්ය වේ.

වැඩිදුර තොරතුරු විමසීම සදහා ප්‍රධාන කර්යාලය 0112288585 (දිගුව 679) දුරකථන අංකය මගින් ප්‍රචාරක අංශයෙන් විමසන්න.

                                                                                            වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

5.2       අධ්‍යක්ෂවරයා පිටපත් රචකයා නොවන කල්හි අදාළ නාට්‍ය නිෂ්පාදනය කරිම සදහා පිටපත් රචකයාගෙන් නාට්‍ය අධ්‍යක්ෂ වෙත බලය පැවරුණු ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

——————————————————————————————————————–

වනජීවී සංරක්ෂණ දොපාර්තමේන්තුව

සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරගාවලිය (විවෘත) -2025

අයදුම් පත්‍රය

  1. සම්පුර්ණ නම –       ……………………………………………………………………..…………………………………………………………………

…………………………………………………………………………………………….……………………………………………………………………………….

2. සම්පුර්ණ නම (ඉංග්‍රීසී කැපිටල් අකුරින්) – ………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………..………………………………………………………………………………

3. ලිපිනය – ………………………………………………………………………………….………………………………………………………………….

……………………………………………………………………………………………..……………………………………………………………………………..

4. පරිපාලන දිස්ත්‍රික්කය – ………………………………………………………………….………………………………………………………………..

5. දුරකථන අංකය –    …………………………….………………………………………………………………………………………………………………………………………………………

6. WhatsApp අංකය – ………………………….……………………………………………………………………………………………………………….

7. නිර්මාණයේ නම (කෙටි නාට්‍ය) – ……………………………………………………..…………………………………………………………….

ඉහත සදහන් කෙටි නට්‍ය (විවෘත) තරගයේ තරග කොන්දේසි ම විසින් පිළිපදින බවත්,තරග නිති රීති වලට ඒකගව කටයුතු කරන බවටත් මෙයින් ප්‍රකාශ කරමී.

දිනය -…………………………….             අත්සන -…………………………………

                                                          නම- ……………………………………..

ලෝක වනජීවී දිනට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරඟාවලිය (විවෘත)  සඳහා අයදුම්පත් කැඳවිම දැන්  සිදුවේ.

                   ඔබගේ නාට්‍ය අනාගත පරපුර වෙනුවෙන් වනජීවී සම්පත සුරැකීම, ජෛව විවිධත්වය තහවුරු කිරීම, පාරසරික සමතුලිතතාවය පවත්වා ගැනිමේ වැදගත්කම, වනජීවී සංරක්ෂණ අභියෝග යන මාතෘකාවන් ඒකක් හෝ කීපයක් පිළිබිඹු වන ආකාරයේ නාට්‍යය නිර්මාණයක් විය යුතුය.

මෙම තරඟාවලිය 2026 වර්ෂයේ පෙබරවාරි මස කොළඹ දී පවත්වනු ලබන අතර ,

හොඳම නාට්‍ය ප්‍රථම ස්ථානය        150,000/-

දෙවන  ස්ථානය                         125,000/-

තෙවන ස්ථානය                         100,000/-

ආදී වශ‌යෙන් මුදල් ත්‍යාග හා සම්මාන පිරිනමනු ලබයි. හොඳම නළුවා, හොඳම නිළිය,හොඳම සහාය නළුවා,හොඳම සහාය නිළිය,හොඳම සංගීතය, හොඳම අංගරචනය , හොඳම ඇදුම් නිර්මාණය හා හොඳම පසුතල නිර්මාණය සඳහා මුදල්  ත්‍යාග හා සම්මාන ද පිරිනැමේ.

                   ඔබගේ නාට්‍ය පිටපත, 2025 දෙසැම්බර් මස 31 වන දිනට පෙර  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, 811/A, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය අතර, වැඩි විස්තර සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු Face book පිටුව මගින් හා 0112888585 යන දුරකථන අංකය ඔස්සේ ප්‍රචාරක අංශය ඇමතිමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *