සංචාරක නිවාස වෙන්කිරිම සම්බන්ධ විශේෂ නිවේදනය

කාරුණික දැනුම්දීමයි ! 

  • ඔබ විසින් වෙන්කරගන්නා ලද සංචාරක නිවාසයට ප්‍රවේශවීමට ඔබ විසින් බලපත්‍රය හා අනෙකුත් ලේඛන  ඉදිරිපත් කළ යුතු වනජීවී කාර්යාලය/උද්‍යාන පිවිසුම පහත පරිදි වේ.  
ජාතික උද්‍යානය සංචාරක නිවාසය බලපත්‍රය හා රිසිට්පත ඉදිරිපත් කළ යුතු කාර්යාලය
අංගමැඩිල්ල ජා.උ. අංගමැඩිල්ල උද්‍යාන මූලස්ථානය (කලහගල, අංගමැඩිල්ල)
චුන්ඩිකුලම් ජා.උ. චුන්ඩිකුලම් උද්‍යාන මූලස්ථානය (කට්ටකාඩු, මුල්ලියාන්)
ගල්ඔය ජා.උ. එක්ගල්ඔය (සංචාරක නිවාසය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.)
ඉඟිනියාගල උද්‍යාන මූලස්ථානය (I.D.Q. 2, ඉඟිනියාගල)
නිල්ගල නිල්ගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය (බුළුපිටිය, බිබිල)
හෝර්ටන්තැන්න ජා.උ. වනනිවහන පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම
ගිණිහිරිය පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම
මහඑළිය පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම
කවුඩුල්ල ජා.උ. මැණික්සොරොව්ව උද්‍යාන මූලස්ථානය (දොර නවය, ගල්ඔය හංදිය)
කුමන ජා.උ. කිරිගල්ඇබේ උද්‍යාන මූලස්ථානය (ඔකඳ, පානම)
තුම්මුල්ල උද්‍යාන මූලස්ථානය (ඔකඳ, පානම)
ලාහුගල ජා.උ. මහවැව උද්‍යාන මූලස්ථානය (ලාහුගල)
යාල කලාප අංක: VI

(ලුණුගම්වෙහෙර ජා.උ.)

ගල්වැව උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම
රත්මල්වැව උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම
තල්ගහදිගන උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම
වෙහෙරගල උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම
මාදුරුඔය ජා.උ. වනනිවහන උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය)
එඬරුඇටමුල්ල උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය)
මාදුරුඔය උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය)
මහකනදරාව ප්‍රදේශය මහකනදරාව (සංචාරක නිවාසය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.)
මින්නේරිය ජා.උ. රඹවිල උද්‍යාන මූලස්ථානය (අඹගස්වැව, හබරණ)
උඩවලව ජා.උ. ගෝනවිද්දගල උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව)
පොකුණුතැන්න උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව)
සීනුග්ගල උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව)
තිඹිරියමංකඩ උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව)
වෙහෙරගොල්ල උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව)
වස්ගමුව ජා.උ. ගලේ බංගලාව උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා)
කදුරුපිටිය උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා)
මහවැලි උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා)
වවුල්ඇබේ උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා)
විල්පත්තු ජා.උ. වනනිවහන(මරදන්මඩුව) උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
කොක්මොටේ උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
ලුණුවැව උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
මහවැව උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
මනවිල උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
මැණික්විල උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
පනික්කවිල උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
තලවිල උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම)
වීවල තන්තිරිමලේ උද්‍යාන පිවිසුම
යාල කලාප අංක: V දඹකොටේ ගල්ගේ පිවිසුම (ගල්ගේ, කතරගම)
කුඩාගල් අමුණ ගල්ගේ පිවිසුම (ගල්ගේ, කතරගම)
යාල(රුහුණු) ජා.උ. හීන්වැව උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
මහසීලව උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
නව බුතව උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
පැරණි බුතව උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
ඔන්ඩච්චි උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
තල්ගස්මංකඩ උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
වරහන උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
පරණතොටුපළ උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය)
පහලහේන්තොට උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) / කටගමුව පිවිසුම
  • සංචාරක නිවාසයක් තුළ ඔබට රැඳී සිටීමට අවස්ථාව හිමිවනුයේ ඔබගේ වෙන්කිරීම ආරම්භවන දිනයේ ප.ව. 1.00 සිට සංචාරක නිවාසයෙන් පිටවීමට නියමිත දිනයේ පෙ.ව. 10.00 දක්වා පමණි.
  •  ඔබගේ බලපත්‍රය තුළ රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව ලෙස සටහන් වනුයේ ඔබගේ වැඩකරුවන් හා රියදුරන්ද ඇතුළත්ව රැඳී සිටීමට අවසර හිමිවන උපරිම පුද්ගල සංඛ්‍යාවයි.

අධ්‍යක්ෂ ජනරාල්,

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *